සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...

5.6K 245 83
                                    

" අතෑරපන් යකෝ..!!"
" මට - - - මට අරූට ගහන්න දීපාන්..!!"



" සයාෂ් ඔය ඇති බං..!!"
" දැන් මෙතනට ප්‍රින්සිපල් ආවොත් අපි ඔක්කොටම කන්න වෙන්නෙ.."



" ප්‍රින්සිපල් නෙවේ මොන හුප්තා ආවත් මට වැඩන්නෑ යකෝ..!!"
" අරූට පුලුවන්ද එහෙම කරන්න..!!"



මම ගිරිය කඩාගෙන කෑගැහුවෙ මාව අල්ලගෙන ඉන්න සෙතිනුගෙන් ගැලවෙන්න හදන ගමන්..



" මාව එක තප්පරේකට අතෑරපන් සෙතිනූ.."



මූ මාව අතාරින්නෙම නෑනෙ යකෝ..!!

දැන් අර ගස් කාලකන්නියා පැනලා ගියොත් ඇත්තමයි මම ගහන්නෙ සෙතිනුවට..



" ඇයි මේ මෙතන කට්ටිය..?!!"



මම මුගෙන් ගැලවෙන්න කට්ට කනකොට එකපාරටම ඇහුනෙ හෙන ගැඹුරු කටහඬක්.. ඒ කෞත ඒ..

අනෙප්ප්.. කවුරු උනත් මට මොකෝ..



" මොකෝ මෙතන සද්දෙ..?!!"



ඌ ආපහු ඇහුවත් මම ඇහුන්නෑ වගේ ෆුල් ට්‍රයි එක දුන්නෙ සෙතිනුවගෙන් ගැලවෙන්න..



" නෑ යුගාන් අයියෙ.. මේ ප්-පොඩි වලියක් ගියා.."



සෙතිනුවා මාව බදාගෙනම ආපු එකාට උත්තර දුන්නෙ ටිකක් බයෙන් වගේ.. සෙතිනුවව බය කරන්න පුලුවන් උනුත් ඉන්නවද..? ඩෑල් එකව හරියට බලාගන්න උවමනාවට මම ලාවට වගේ ඔලුව උස්සලා බැලුවා..

ආහ් මේ ඉස්කෝලෙ පිපෙට් අයියෙක්නේ.. මූට මොකෝ සෙතිනුවා බය වුනේ..?



" පොඩි වලියක් වගේනම් පේන්නෙ නෑ.."



පිපෙට් අයියා කිව්වෙ මම දිහා බලලා.. මමත් ඌට රවලා අහක බලාගත්තා.. මෙතන මම විතරක් වැරදි නෑනෙ..

සුදු අරලිය...Where stories live. Discover now