" ඒ ඒ මට බෑ වගේ.."
" අනේ අයියෙ.. අපි යන්නම්.."" පිස්සු කරන්නෙ නැතුව වරෙං බබා.."
" උන් තමුසෙව කන්නෑ.."තේව් අයියා මාව ඇදගෙන වගේ යනකොට සෙචිනු පුචා අපේ පස්සෙන් ආවෙ හිනාවෙවී..
අද නිවාඩු දෙනවා.. මේ වාරෙ අදින් ඉවරයි.. ඉතින් අද ඉස්කෝලෙ හැම තැනකම පොඩි පොඩි පාටි දානවා..
අපේ පන්තියෙත් පාටියක් තිබ්බා.. මායි සෙතිනුයි ආතල් එකේ එතනට වෙලා ඉන්නකොට එකපාරටම තේව් අයියා අපේ පන්තියට කඩන් පැන්නා.. එයා අපේ ලමයින්ගෙ සද්දෙ වැඩි නිසා බැනලා යන්න ආවා කියලා මං හිතුවෙ.. කොහෙද.. මේ මිනිහට ඒක ගානක් උනේ නෑ..
එයා සෙතිනුවයි මාවයි එයාලගෙ පන්තියට එක්ක යන්න ඇවිත් තිබ්බෙ.. මාත් ඉතින් ගැම්මට යං කියලා සෙතිනුවත් ඇදගෙන ආවා.. ඒත් පස්සෙයි මට මීටර් උනේ අයියගෙ ක්ලාස් එක මැත්ස් ක්ලාස් එකක් කියලා..
එවෙලෙ ඉඳන් මං මේ බෑ කියන්නෙ.. ඒත් මේකා මාව බලහත්කාරෙන් වගේ පන්තියටම කුදලගෙන ගියා..
" අහ් යුගාන් වරෙන් වරෙන්..!!"
අපි පන්තිය ඇතුලට යනකොටම වගේ තේව්වව දැකපු හංසක අයියා එයාට කතා කලා..
හුටා..!! මැත්ස් උන් විතරක්ම නෙවේ මෙතන ඉන්නෙ.. මේ පන්තිය දැන් ආට් , බයෝ , ටෙක් , කොමස් , මැත්ස් ඔක්කොගෙම මික්ස්සප් එකක්..
" අඩෝ යුගාන්ගෙ පොඩි එකයි , ඒකගෙ යාලුවයිත් ඇවිත්..!!"
හුත් - - - මුන් මාවයි සෙතිනුවයි දන්නවද යකෝ..!!
මම අයියා දිහා ඇස් ලොකු කරන් බැලුවම එයා ලාවට හිනාවෙලා මාවයි සෙතිනුවයි එක්කරන් පන්තිය ඇතුලට ආවා..
" ඔය දෙන්නා මෙතනින් වාඩිවෙන්නකො.."
සෙතිනුටයි මටයි පුටු දෙකක් ගෙනල්ලා දුන්න අයියා මට එහාපැත්තෙන් තිබ්බ ඩෙස් එක උඩ නැගලා වාඩිවුනා..
හහ්හ්.. යසෛ යසෛ හෙඩ් පිපෙට්.. විනයභාර සර් ආවොත් පපුව පැලිලා මැරෙන්නෙ..!!
" ඔක්කොම හරිනෙ එහෙනම්.."
" අසංක..!! පටන් ගනින් උඹ..!!"එක අයියෙක් කෑගහලා කියනකොට තව තැනක හිටපු අයියෙක් සිංදුවක් කියන්න ගත්තා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...