මෙතනනම් මාරම ලස්සනයි..!!
තේව් අයියා මාව එක්කන් ආවේ දිව්‍යලෝකෙටද මන්දා..
කන්දක් උඩ තියන පොඩි තැනිතලාවක් වගේ තැනක් මේක.. වටේට කැලෑව වැවිලත් නෑ.. ගානකට වගේ තණකොල වැවිලා , චූටි මල් පඳුරු වලින් පිරිලා තියන හරි ලස්සන තැනක්..
අපි හිටපු තැන ලොකු ගහක් දිගට බෝගන්විලා වැලක් ගිහින් මල් පිපිලා පට්ටම ලස්සනක් තිබ්බෙ..
අයියා එයාගෙ පිටේ එල්ලගෙන හිටපු ගිටාර් එක පැත්තකින් තියලා ලොකූ හුස්මක් ගත්තා..
" මෙතන මරු.."
" අයියගෙ චොයිසස් හොඳයි නේ බබා..??"
" ඔව් ඔව්.. චොයිසස් හොඳ නිසා තමානෙ ඔයා මාව යාලුවෙක් කරගෙන ඉන්නෙ.."
එයා මහා අමුතුවට හිනාවෙලා ඔලුව වැනුවා..
මම අපි එනකොට ගෙනාපු රෙද්ද බිම එලලා , කෑම බකට් එකත් පැත්තකින් තියලා , එලපු රෙද්ද මැද්දෙන් වාඩිවුනා..
ඔව් ඔව්.. මේක පික්නික් එකක්.. මම තමා නහයෙන් අඬලා අඬලා බලහත්කාරෙන් අයියව එක්ක ආවේ..
අයියත් මගෙ එහාපැත්තෙ වාඩිවු - - - නෑ.. එයා දිගාවෙලා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා..
හරියට එදා වගේ..!!
" ඔලුව අතගාන්නකො.."
" අදත් නිදාගන්නද හදන්නෙ..??"
" ම්හ්ම්.. ඒක තීරණය කරන්නෙ ඔයා තමා.."
" ඔයා දැනගන්න ඕන මට නින්ද යන්නෙ නැතිවෙන්න ඔලුව අතගාන්න.."මගෙ කකුලෙ මූන අතුල්ලන ගමන් හුරතල් වෙන්න හදනවා මේ නාකි මනුස්සයා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...