" ම්ම්හ්ම්ම්ම්.."
නැගිට්ටා නැගිට්ටා.. සිහින කුමාරයා නැගිට්ටා.. අම්බෝ ඔලුව කැක්කුමයි ඩෝ පැලෙන්නම..
මම හිරි ඇරලා පොඩ්ඩක් දඟලලා කරලා නැගිටින්න හැදුවෙ..
හහ්හ්.. මොන පිස්සුත.. නැගිටියි පම්කක්..!! මේ මිනිහා මාව ඔතාගෙන වෙලාගෙන නිදි..
අඩෝ අඩෝ මේ මොකද.. මම අයියගෙ ඇඟේනෙ ඉන්නෙ.. මුලු රෑම මං නිදාගත්තෙ මෙහෙමද..
අනේ ම්-මොකක්ද මේ වෙන්නෙ.. අයියා මුලින්ම මාව කිස් කලා.. දැන් මාව බදාගෙන නිදි..
" අයියේහ්හ්හ්..!!"
මං කතා කලාට එයා ඇහැරුනේ නෑ..
චූ බරයිත් වගේ දැන්නම්.. මෙහෙම හිර කරගෙන තව වෙලා ඉන්න උනොත් උදේම අයියටයි මටයි නාගෙනම තමා නැගිටින්න වෙන්නෙ..
" එහ් අයියෙහ්.."
"හ්ම්ම්ම්..??"
" මට නැගිටින්නෝන.."
මං කිව්වම පොර ඇස් ඇරියා.. හම්මට..!! ඇස් දෙක රතු පාටයි.. හරියට නිදාගෙන නැද්ද මෙයා ඊයෙ රෑ..
" ම්හ්ම් ගුඩ් මෝනින්.."
" ගුම් මෝනිම් අයියෙහ්හ්.."
" ම්ම්ම්.. දැන් අඩුද..??"
තවත් මාව අත්තරින්නෙ නැතුව අයියා නිදිමත බේරෙන කටහඬකින් ඇහුවා..
" අඩුයි අයියෙ.. ඔලුව ටිකක් රිදෙනවා.."
" ම්ම්ම්.. බෙහෙත් බිව්වම ඕකත් අඩු වෙයි.."
" ඔව් නෙහ්.."
" අහ්ම්.. ම්-මේ අයියෙ.."" ම්ම්ම්..??"
" ම්-මට වොශෲම් ය්-යන්න ඕන.."
ලැජ්ජාව බාල්දියෙන් එකයි අප්පා..!!
ඒයි ඒයි.. පොඩ්ඩක් ඉඳහන්.. මං මොකට ලැජ්ජ වෙන්නද.. මාත් කොල්ලෙක්.. මෙයත් කොල්ලෙක්.. ඒව්ව්ව්.. ගෑණියෙක් වගේ ඇඹරෙන්නෙපා සයාසයො..!!
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...