සුදු අරලිය මල් කිනිත්තේ දොලොස්වැනි කුසුම...

2.7K 250 274
                                    

මම බයික්කෙක ලඟට ගිහින් මිස් එකක් ගැහුවම අයියා අනිත් පැත්තට මට කෝල්ලෙකක් ගත්තා..

" හෙලෝ අයියේ.."

" ඔව් පැටියො.. බයික් එක ලඟද..??"

" ඕ ඕ.."

" අහ් හරි.."
" විනාඩියක් ඉන්න මං එන්නම්.."

අයියා කෝල් එක කට් කලේ නෑ..

" ඒ යුගාන්.. ශොට් එකක් අරන්ම පලයන්.."

" උඹලා ගනින්කො.. මං එන්නම්.."
" පොඩි වැඩක් තියනවා.."

හෑ.. ශොට් එකක් ගන්න කියන්නෙ මුන් බොනවද..

මං කෝල් එක කට් කලා.. එහෙම බොන්න පුලුවන්ද යකෝ.. විනාඩි පහක් විතර යනකොට අයියා ආවා හති දාගෙන..

" යන්ද..??"

" මට බෑ.."
" ඔයා හිටපු තැනටම යන්න.."

" හහ්හ්..?? ඇයි මොකෝ වුනේ..??"

බයික්කෙකට නැගලා හිටපු අයියා මට දෙන්න හදපු හෙල්මට් එකත් අතේ තියන් ඇහුවෙ පුදුමෙන්..

" ඔයාලා මොනාද කර කර හිටියෙ..??"

" ය්-යාලුවො එක්ක සෙට් වෙලා කතා කර කර හිටියෙ.."
" ඇයි..??"

" කතා කලා විතරද..??"

මං අහද්දි අයියගෙ ඇස් ගැස්සුනා.. එයා බිම බලාගෙන වචන අහුලන්න ගත්තා..

" ඔ-ඔව් ඉතින්.."

" අනේ මේ පලයන් අයියෙ බොරු කියන්නැතුව.."
" එතන එකෙක් ශොට් එකක් දාන්න කතා කලේ මොකටද එහෙනම්..??"

" ඔ-ඔයා කොහො - - - "

" මං කොහොමහරි දන්නවා.. දැන් ඒක නෙවෙයිනෙ වැදගත්.."
" මට බෑ බීපු අය එක්ක වාහන වල යන්න.."

මං රවලා කිව්වම එයා කලබල උනා..

" අනේ සයාෂ් මං බිව්වෙ නෑ.."
" ඇත්තමයි.. ඔයාව ගිහින් දාන්න ඕන නිසාමයි මං නොබී හිටියෙ.."

සුදු අරලිය...Where stories live. Discover now