" අනේ අයියේහ්හ්.. ඒක හරි ලොකුයිනේ..!!"
" ම්ම්ම්.. ඔයා ආසද..??"
" නැත්තන්.."
" මං මෙච්චර ලොකු එකක් දැකලම නෑ මීට කලින්.."
" මේක මගේ එකට වඩා තුන් ගුණයක් විතර ලොකුයිනෙ.."" වෙන්න ඇති.."
" ඕකට දැන් අවුරුදු දහ අටකට වැඩීනෙ.."මගෙ කොණ්ඩෙ අවුස්සලා හිනාවෙන ගමන් අයියා එහෙම කිව්වා..
" ඔව් නේ.."
" මේහ්.. ඒක නෙවෙයි.. මං පොඩ්ඩක් නැගලා බලන්නද..??"" ආ..... නෑ නෑ.. නගින්න එපා.."
" අරලිය ගස් වල අතු එච්චර හයිය නෑ.."අයියා කිව්වම මං මූනත් අකුලන් එහාට වුනා..
අපි හිටියෙ අයියගෙ ලොකු අරලිය ගහ ලඟ.. දවසක් අයියා මට කිව්වෙ මේ ගහ ගැන තමා.. අර එයා ඉපදුනු දවසෙ එයාගෙ අම්මා හිටෙව්වා කිව්වෙ..
මේ ගහා හෙන පත සයිස් ඈ.. මගෙ අරලිය ගහ වගේ තුනක් විතර ඇති.. මෙච්චර ලොකු අරලිය ගහක් මං දැක්කමයි..
ගහ ලොකු එකේ අතුත් ඉතින් හයිය ඇතිනේ.. චුට්ටක් නැගලා බැලුවට මුකුත් වෙන එකක් නෑ..
මං ගහේ අනිප්පැත්තෙන් ගිහින් උඩට බඩගෑවා..
" ඒහ්හ් බබා..!! මොකක්ද ඔය කරන්නෙ..??"
" බහිනවා බිමට.. මං කිව්වනෙ , ඔය ගස් වල අතු හයිය නෑ.."" හරි හරි අනේ.. චුට්ටක් නැග්ගට මුකුත් වෙන්නෑ.."
මං ගහ දිගේ බඩගාලා ටිකක් මහතට තියන අත්තක වාඩිවුනා..
දැක්කනෙ.. මම වැටුනෙ නෑ..
" මේක මරු හලෝ..!!"
" ඔයත් එන්න මෙතෙන්ට.."මගෙ එහාපැත්ත පෙන්නන ගමන් මං කිව්වෙ දත් සෙට් එකම එලියෙ දාගෙන හිනාවෙලා..
අයියත් ආවනම් හුලං වැදි වැදි ගැම්මට ඉම්න තියෙන්නෙ අපි දෙන්නටම..
" නෑ.. මට මෙහෙම හොඳයි.."
අපෝ..!! බයයිද කොහෙද මෙයා..
ටික වෙලාවක් මං කකුල් දෙකත් ඔහේ වන වන ඉන්නකොට අයියගෙ අම්මා ගේ පැත්තෙ ඉඳන් අයියට කතා කලා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...