" සයාසයෝ.. !!"
" සප්තලනේ මම උඹට ටොපියක් ගෙනාවා.."මම ඩෙස් එකෙන් ඔලුව ඉස්සුවෙ සෙතිනුගෙ කටහඬට.. ඌ මගෙ අතින් මයිලේඩි ටොපියක් තිබ්බා..
අහ්.. හව්සස් වලින් තියන ලාස්ට් හව්ස් මීට් එක ඉවරවුනාම ටොපි දෙනවනෙ.. මූ මටත් එක්ක එකක් අරගෙන..
අනේ මගේ හිච්චි කොම්ලා..!! මාව මතක් වෙලානෙ මගෙ අහිංසකයට..
" තේව් අයියද බං උඹලෑ ටොපි බෙදුවෙ..??"
මං ඇහුවෙ කොලේ ගලෝලා ටොපිය කටට දාගන්න ගමන්..
" නෑ ඕයි.."
" ඒ උනාට එතන එයත් හිටියා.. හැබැයි ටොපි බෙදුවෙ මහී අයියා.."" ම්ම්ම්.."
මම ටොපිය සූප්පු කර කර ආයෙම ඔලුව තියාගත්තම මූ මං ලඟින් වාඩි වෙලා මගේ ඔලුව අතගාන්න ගත්තා..
" උඹේ ඔලුව ඇත්තටම රිදෙනවද බං..??"
" ම්හුක්.. මට නිදිමතයි.."
" එහෙනම් නිදාගනිම්කො.. මම ගණන් සර් ආවම උඹට කතා කරන්නම්.."
මං ඇස් පියාගත්තා.. සෙතිනු ඔලුව අතගාන සනීපෙට මට දැනුනෙ ලොකු නිදහසක්..
කිසි දෙයක් නොදැනම උනත් මේ වගේ සහනයක් දෙන්න පුලුවන් හොඳම යාලුවො ලබන්න පින තියෙන්නෝන..
ඒම යාලුවො හැමෝටම ලැබෙන්නෑ..!!
" සයාෂ්..!! ඕයි නැගිටහන්..!!"
" ඒ මේ අපි කනවා ඈ උඹ නැතුව.."කාගෙදෝ මන්දා කටහඬකට මාව ඇහැරවුනා.. මං හිතන්නෙ ඒ කෑගැහුවෙ චෙනුක..
" සයාෂ්.."
" ම්ම්ම් ම්ම්ම්..??"
" ඒ එනවකො කන්න.. දහයාමාරයි වෙලාව.."
ඒ පාර සෙතිනුවා එහෙම කියනකොට මාව උඩ ගියා.. ඈ යකෝ.. දහයාමාරත් වෙලාද..
මං ඉක්මනට ඔලුව උස්සලා පන්තියෙ ඔරලෝසුවෙන් වෙලාව බැලුවා..
එකපාරටම ඇස් වලට වැටුන එලිය නිසා මුකුවත් පෙනුනෙ නෑ.. ඒත් ටිකකින් ඇස් වල බොඳ ගතිය නැතිවෙලා යනකොට මම දැක්කා වෙලාව දහයාමාරයි තමෛ කියලා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...