" ඈ ලොක්කයියෙ.."
" තමුසෙ මාව ඉස්කෝලෙ ලඟටම ගිහින් දානවද..??"" ම්ම්ම්.."
" අනේ පැම්චෝ.. කෝ එන්න තොත්තුවක් දෙන්න.."
" එහාට වෙලා හිටපන්.."
" මෙතන උදේ පාන්දර මූනෙ කෙල ගාන්න හදනවා.."ලොක්කයියා කිව්වම මං ඌට රවලා සීට් එකට බරවුනා..
පෙරේදා උන සිද්දියෙන් පස්සෙ මං තේව්වා එක්ක සාමාන්‍ය විදිහට ඉන්න හුඟක් උත්සාහ කලා..
ඒත් මං හිතන්නෙ මගෙ මොකක් හරි වෙනසක් එයාට තේරුනා.. ඒත් ඉතින් මට ඒකට කරන්න දෙයක් නෑ..
ඊයෙ දවසෙම මම කල්පනා කලා මං මේ කරන දේ මොකක්ද කියලා.. ඇත්තටම ඇයි මං කොල්ලෙක්ට ආදරේ කරන්නෙ..? ඒ කොල්ලා එයාගෙ කෙල්ලත් එක්ක ඉන්නකොට මං ඊරිසියා කරන එක හරිද..? තේව් අයියා මට ආදරෙන් සැලකුව පලියට එයාව මට අයිති වෙන්න ඕනද..?
ම්හ්.. ඔය ඔක්කොටම පස්සෙ මට තේරුන එකම දේ තමා , මං මගේ හිතේ තියන දේ දැනගන්න කලින් හිටපු විදිහට ඉන්න එක අපි ඔක්කොටම හොඳයි කියන එක..
ඉතින් දැන් මං උත්සාහ කරන්නෙ ඒ හිටපු පරණ එකා විදිහට ඉස්සරහටත් ඉන්න..
" චූටි.. පරිස්සමෙන් ඉන්නවා එහෙනම්.."
" ම්ම්ම්.. තමුසෙත් පරිස්සමෙන් යනවා.."
ලොක්කයියා දුන්නු රුපියල් පන්සීයත් අරගෙන මං ඉස්කෝලෙට ආවා.. සෙතිනු එක්ක ගිහින් මොනාහරි කන්ඩෝන මේකෙන්..
මං යනකොට සෙතිනු පුරුදු විදිහටම පොතක මොනාද ලියනවා.. එයා හරී.......යට මහන්සි වෙනවා ඕලෙවල් වලට..
මං වගේ අපතයෙක් නෙවේ ඒකා.. අනේ ගුන බුස.. මගේකාට හරි ගියා කියන්නෙ ඉතින් මටත් හරි ගියා වගේ තමා..!!
" ආ පැටියෝ........ කෑවත....??"
මං ඇහුවෙ පන්තිය ඇතුලට ගිහින් උගෙ එහා පැත්තෙන් වාඩිවෙන ගමන්..
" හු*තක් කෑවා.."
කිසිම ලැජ්ජාවක් නැතුව සිරිමත් ලමයා කුනාරපයක් කියනකොට , අපේ පන්තිය භාරවෙලා ඉන්න පිපෙට් අයියත් පහනට තියන මල් වට්ටිය හදන එක නවත්තලා අපි දිහා බැලුවා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...