" සයාස්.. ඔය ඔලුව උඩ තියෙන ගෙඩිය කඩලා දීපන්කෝ.."
" අඩේ මම උස නෑ බල්ලො එච්චර.."
අහස් පහල ඉඳන් කෑ ගහනකොට මම ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටත් මට ඒ ගෙඩිය කඩන්න උස නෑ.. ඕ ඕ.. අපි අඹ කඩනෝ.. සෙතිනුවයි මායි තමා ගස් බල්ලො වගේ ගස් ගියෙ.. අනිත් උන් තුන්දෙනා බිම..
" ඒ ඒ යුගාන් අයියා එනවා.. පැනපන් යකෝ.."
" මොන උට්ටක්ද.."
" මෙතනින් පැන්නොත් මැරෙයි බල්ලො.."විනාසයි.. තේව් අයියා එනෝ.. අහස් අපිට පනින්න කිව්වත් මේ ඉන්න අත්තෙ ඉඳන් පනින්න බෑ.. ගහෙන් බැහැලා දුවලා වැඩකුත් නෑ.. අයියා දැක්කා..
හරිම අගෙයි.. ගහ යටටම ආපු තේව් අයියා ඉනටත් අත් දෙක තියාගෙන කෙලින්ම බැලුවෙ මං දිහා.. අහස්ලයි අනිත් එවුනුයි බිම බලාගත්තා.. අනේ මොනාවුනත් මගේවුන් අපිව දාලා ගියෙ නෑහ්.. උන්ට ඕන්නම් දුවන්නත් තිබ්බා..
" මල්ලිලා වැඩ වගේ.."
" හේ හේ.. අයියෙ මේ අපි අඹයක් කැඩුවනෙ.."
" ම්ම්ම් පේනවා.."
" අඹ ගෙඩියක් විතරයිනෙ කඩලා තියෙන්නෙ.."බිම ගොඩගහපු අඹ ටික දිහා බලලා අයියා කියද්දි මට ගහෙන් පැනලා මැරෙන්න හිතුනා..
හරේ හරේ.. ගෙඩි හතක් අටක් කැඩුවා තමෛ.. අර තිරිසන්නු මහා ගොඩක් ඉන්න පන්තියට එක අඹයක් ගෙනිච්චොත් අපිට ඉතුරු වෙන්නෙ පුප තමා.. මේ කඩපු ටිකත් කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි වුන්ට..
" හ්ම් හ්ම්.. දැන් ඔය අඹ කඩලා ඉවරද.."
" නෑනෙ.. ඔය ටික ගාවන්නත් මදි අයියෙ.."
" ඒත් අපිට උස නෑ.. පහල අතු වල තිබ්බ ඔක්කොම ගෙඩි ටික කැඩුවා.."මම ගොනා සේ කියද්දි අයියා ලාවට හිනාවෙලා ශර්ට් එකේ අත් දෙක නවන්න ගත්තා..
ඒ මොකතහ්හ්.. මූ අපිට නෙලන්නද දන්නෑ යන්නෙ..
" කෝ මල්ලිලා දෙන්නා බහින්න.."
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...