යසයි යසයි කිශෝර් අයියගෙ අවුරුදු දහනවයෙ බර්ත්ඩේ පාටිය..!!
සැක්.. මේකට එන්නද යකෝ මං මෙච්චර නැටුවෙ..?
එක්කො මට එදා මූත් එක්ක ෆිට් වෙන්නෙ නැතිව ඉන්න තිබ්බා.. ඒ නැත්තන් තාත්තා යන්න එපා කිව්වම හා කියලා ගෙදෙට්ට වෙලා පාඩුවෙ බුදියගන්ඩ තිබ්බා..
මොන මගුල කරලා හරි ගෙදර හිටියනම් අද මං මේ දුක විඳින්නෙ නෑනෙ දෙයියනේ..
කිශෝර් අයියා කියන්නෙ අපේ ඉස්කෝලෙම අයියා කෙනෙක්.. එයත් දහතුන වසරෙ.. බයෝ කරන පොරක් මෙහෙම හිටියට..
මීට සති දෙකකට විතර කලින් ඉස්කෝලෙ නිවාඩු දුන්නු දවසෙ අපි සිංදු කිව්වෙ , අන්න එදා මෙයත් එතන හිටියා.. එවෙලෙ ෆිට් වුන පාර කොල්ලා මගෙයි සෙතිනුගෙයි නම්බර්ස්නුත් ඉල්ලගත්තා.. ඒ ඉල්ලගෙන චැට් කලා.. අන්න එහෙමයි අපි මේ තරමට ෆිට් උනේ..
කිශෝර් අයියා කියන්නෙ තේව් අයියගෙ හොඳ යාලුවෙක්.. කෝමහරි ඉතින් ඒකා බර්ත්ඩේ පාටියට එන්න කියලා තේව් අයියට ඉන්වයිට් කරලා.. ඒ විතරක් නෙවේ සෙතිනුටයි , මටයිත් ඒත් එක්කම ඉන්වයිට් කලා..
ඔක්කොටම පස්සෙ හොඳම වැඩේ කියන්නෙ මෙතන තේව් අයියගෙ ලොකුම තරහකාරයත් හිටපු එක..
විද්වාන් අයියා..!!
කිශෝර් අයියයි , විද්වාන් අයියයි යාලුවො වෙලා තියෙන්නෙ එයාලා යන බයෝ ක්ලාස් එකේදි.. ඉතින් පොර විද්වාන් අයියටත් පාටියට ඉන්වයිට් කරලා තිබ්බා..
මුලින් අපේ තාත්තා අකමැති උනානෙ අප්පා මං එනවට.. ඉතින් මං නැති නිසා සෙතිනුත් ගෙදර ඉන්න තමා ලෑස්ති උනේ..
කොහොමහරි මං පස්සෙ තේව් අයියට මැසේජ් එකක් දැම්මනෙ මට එන්න වෙන්නෑ කියලා.. මැසේජ් එක දැකපු සනික පොර ගත්තෙ නැතෑ මට කෝල් එකක්.. නිදියන් හිටපු මං උඩ ගිහින් ඇහැරුනේ අස්සක වැටිලා තිබ්බ ෆෝන් එක මහා සද්දෙන් රින්ග් වෙනකොට..
පස්සෙ ඉතින් තේව්වා එක්ක තියන තරහා පොඩ්ඩකට අමතක කරලා මං කෝල් එක ආන්ස්වර් කරලා සීන් එක එයාට විස්තර ඇතිවම කිව්වා.. ඒක අහන් ඉඳලා එයා අපේ තාත්තට ෆෝන් එක දෙන්න කිව්වම මාත් ඉතින් මොකාද එකා වගේ තාත්තට ෆෝන් එක දුන්නා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...