ඩෝංං ගාලා ගේට්ටුව වහපු මං ලඟට ආපු ඩිංගි රාලයවත් ගනම් ගන්නැතුව ගෙට ගියා.. ඌත් කම්පියුස් වෙලා.. කරන්න දෙයක් නෑ.. මට තාම තරහෛ..අතේ තියන ෆලූඩා අයිස්ක්‍රීම් එකත් ෆ්‍රිජ් එකේ ෆීසර් එකට දාලා මම කාමරේට ගියා.. අම්මියා හිටියා වත්ත පිටිපස්සෙ.. හහ්හ් එයාට කතා කරන්නෙත් නෑ මං..
ටිකකින් හොඳට නාගෙන මම කුස්සියට යනකොට අම්මත් කුස්සියට ඇවිත් හිටියා..
" චූටි ගෙදර ඇවිල්ලා නෑවත් එක්කද..??"
" මම දන්නෙත් නෑනෙ ඔයා ගෙදර ආවා කියලා.."අම්මා ඇහුවෙ පුල් කම්පියුස් වෙලා..
" ආ නැහ් අම්මෙ.. මහන්සි නිසා කෙලින්ම ගිහින් නාගත්තා.."
" බත් බෙදන්ඩකො.. බඩකිනී මට.."" හ්ම් හ්ම්.. වතුර එකක් අරන් සාලෙට යන්න.."
" මං බත් බෙදලා ගෙනල්ලා දෙන්නම්.."මං වතුර එකකුත් උස්සන් සාලෙට ඇවිත් ටීවි එක දාන් රිමෝට් එක අස්සෙ ගහන් වාඩිවුනා.. තුනයි තිහයි වෙලාව.. දැන් ගාෆීල්ඩ් පටන් ගනී..
හහ්හ් ගාෆීල්ඩ්.. ඒක එක්කත් තරහයි මට.. මගුල.. !!
ඇයි යකෝ.. !! මිනිස්සු ඉස්සරහා හෝල්ටෙකේදි බැනලා බැනලා එනවා කප්පම් දීලා සේප් වෙන්න.. ඒවා කොහිද මේ මාත්තෙක්ක.. කන්නෑ ඕකා අරන් දුන්නු අයිස්ක්‍රීම් එකවත් මම.. ආහ්හ්හ්හ්හ්.. !!
" චූටි.. ලමයො මේ බත් එක ගන්නවා.."
" මං කීයෙ ඉඳන්ද දැන් මෙතන මේක දික් කරගෙන ඉන්නෙ.."එකපාට්ටම ඇහුන අම්මගෙ කටහඬට මාව ගැස්සුනා..
" ආහ් සමාවෙන්ඩ මෑණියනි.. මම දැක්කෙ නෑ.."
අම්මගෙ අතින් බත්තෙක අරන් මම කන්න ගත්තා.. ඌහ්හ් කෑලි කරෝල තෙල් දාලා.. ජස්ට් වෑව්ව්..
" ආ අම්මේ.. මට මේහ් ගනම් වලට ලකුණු අඩුයිනෙ.."
" මගේ යාලු අයියා කෙනෙක් කිව්වා ඕන්නම් ගනම් කියලා දෙන්න පුලුවන් කියලා.."
" මම යන්න බැලුවෙ.."
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...