පාඩම් මේසෙ පුටුවකට වෙලා විද්වාන් අයියා ෆෝන් එක ඔබෝබ ඉන්නකොට තේව් අයියා ඇඳේ අයිනක වාඩිවෙලා රවාගෙන හිටියා..
මොන මගුලක් උනාත මේ ලමිස්සියො දෙන්නට.. ටික්කට කලින් පොරකාගන්න හිටපු පූසො දෙන්නා වගේ ඉඳලා දැන් ඉන්නවා බුම්මගත්ත බස්සො දෙන්නා වගේ..
" ම්-මේ අයියලා මේ බීම එක බොන්නකො.."
" නිවෙයි නැත්තම්.."නිවෙයිද.. සිතල වෙයිද.. අනෙප්ප් මොන ලබ්බක් හරි කමන්නෑ..
" අ-අයියෙ ම් - - - "
" සයාෂ් කොහොමද මූව දන්නෙ.. "
මං ආපහු කතා කරන්න හදනකොට ඊට කලින් ඉස්සර වුන තේව් අයියා එහෙම ඇහුවා.. ඒ මදිවට එයා පාඩුවෙ ඉන්න විද්වාන් අයියට රවන්න අමතක කලෙත් නෑ..
මොකද මේ මිනිහා මෙච්චර රවන්නෙ.. ඉස්කෝලෙදි මෙහෙම නෑනෙ.. සිරිමත් ලමයට මක් වෙලාත..
" අහ්හ් මේ ඊයෙ මාව රණ්ඩුව වෙලේ බේරගත්තෙ විද්වාන් අයියා.."
" ඊට කලින්නම් මම විද්වාන් අයියව දන්නෑ.."මං කිව්වම ආපහු මේ මිනිහා විද්වාන් අයියට රවලා අහක බලාගත්තා..
කිසි දෙයක් ඇහෙන්නෑ දකින්නෑ වගේ බීම එක බිබී හිටපු හිටපු විද්වාන් අයියා ටිකකින් ෆෝන්නෙක සාක්කුවට දාගන්න ගමන් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා..
" සයාෂ් මල්ලි.. එහෙනම් මම යන්නම්.."
" අයියෝ.. අයියා දැන්ම යනවද.."
" මොකද්දානේ.. තව ටිකක් ඉඳලා යන්නකො.."" ම්හ්ම්.. උදේ ඉඳන් මෙහෙනෙ ලමයො අද.."
" අනික මට පෙරඩ් ප්‍රැක්ටිස් තියනවා හවසට.."" ආහ්.. හරි එහෙනම් අයියෙ.."
" පරිස්සමෙන් ගිහිල්ලා ආපහු දවසක එන්නකො.."හිනාවෙලා ඔලුව වනපු විද්වාන් අයියා බැලුවේ බිම බලන් ඉන්න සෙතිනුවා දිහා..
" මල්ලි මම යන්නම්.."
" අහ් හ්-හරි අයියෙ.."
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...