සුදු අරලිය මල් කිනිත්තේ තිස්තුන්වැනි කුසුම...

2.6K 222 289
                                    

" මොකක්ද අනේ..?!!"
" ඔයා නිවාඩුවට ඇවිල්ලත් පාඩම් කරනවනෙ..!!"


" ඉතින් රත්තරනේ ඒලෙවල්ස් වලට තව මාස කීයද..??"
" අනික මං විතරක් නෙවේ.. ඔයත් පාඩම් කරන්න ඕන හරිනම්.."
" මගෙ එක්සෑම් එකෙන් මාස තුනකට පස්සෙ ඔයාටත් එක්සෑම්.."


" මං දන්නෙ නෑ..!! මට ඔව්වා ඕනෙත් නෑ..!!"
" ආයෙ කතා කරන්න එපා අයියෙ..!!"


චූටි මහත්තයා හෙන සද්දෙට මගෙ කාමරේ දොරත් වහගෙන එලියට ගියා..

අයියෝ..!!

ඕකේ.. ඕකේ.. කාම් ඩවුන් යුගාන්..!! හරි.. මගෙයි වැරැද්ද.. මම තමා ඔක්කොම කලේ.. ම්ම්ම්.. ෆයින්.. දැන් ගිහින් සමාව ගමු..

මං අතේ තිබුන කෙමස්ට්‍රි බුක් එක මේසෙ උඩටම අත ඇරලා කාමරෙන් එලියට ආවේ සයාෂ්ව හොයාගන්න..

මං ගිහින් එයාගෙ කාමරේ දොරට තට්ටු කලත් ඇතුලෙන් සද්දයක්වත් තිබ්බෙ නෑ.. එහෙම්මම කාමරේ දොර ඇරගෙන ඇතුලට යනකොට කාමරේ හිස්..

එහෙනම් බාතෲම් එකේ..?

මං බාතෲම් එක ලඟට ගිහින් බැලුවට කොල්ලා එතන හිටියෙත් නෑ.. මේකා කොහෙද ගියෙ..?


" අම්මා..!!"


මුලු උඩ තට්ටුවෙම බලලා , එයා නැති තැන මං පඩිපෙල බහින ගමන්ම අම්මට කතා කලා..


" අම්මා..!!"


" මොකද පුතා බෙරිහන් දෙන්නෙ..??"


" කෝ සයාෂ්..??"


" ඉක්මනට ගිහින් එන්නම් කියලා අර එලියට ගියෙ.."


අම්මා කිව්වම මාව රත් වුනා..


" මේ රෑ..??"
" ඒකත් තනියම..??"


" මොකද පුතා මෙච්චර කලබල වෙලා..??"
" ඒ කොල්ලා අප්පච්චිත් එක්ක එලියට ගියෙ.."


සුදු අරලිය...Where stories live. Discover now