" මං හවසට එනකම් පරිස්සමෙන් ඉන්න.."
" අමාරු වුනොත් කෝල් එකක් දෙන්න.. ම්ම්ම්..??"" හරි අයියෙ.."
" සර් එනකම් මම ඉන්න ඕනද..??"
මට ඔව් කියන්න ඕන වුනත් මං බිම බලාගෙන නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..
" අනේ උඹෙත් හෙන කැටයම්නෙ චූටි මහත්තයො.."
" ඉන්න ඕන්නම් බොරුව නොදා ඉන්න කියහන්.."අයියා කියපුවා මොලේට ප්‍රොසෙස් උන ගමන් මං කෙලින්ම එයාගෙ ඇස් දෙක දිහා බැලුවා..
චූටි මහත්තයා..!!
ඒ මොකක්ද ඒ නම..
මං පුදුමෙන් බලන් ඉද්දි අයියා ගානක් නැතුව බයික්කෙකෙන් බැහැලා ගිහින් බෙන්ච් එකක වාඩිවුනා..
අම්මෝහ්හ්..!! අයියව දැකලා කෙල්ලොන්ට හෙනම පුපේ අමාරුව ඈ.. පණුවො වගේ මෙතන අවදානෙ ගන්න දඟලන්නේ.. මලෙයිකාර..!!
මං ගිහින් අයියා ලඟින් වාඩිවුනා.. අද ක්ලාස් එකේ කොල්ලොත් බලනවා මං දිහා.. නොබලා හිටියොත් තමා පුදුමෙ.. R1 එක්කනෙ මං ආවේ..
කොහොමත් මේ දවස් වල කොල්ලො , කෙල්ලො පිස්සු වැටිලා ඉන්නෙ R1 , CBR වගේ බයික් වලට..
" බබා.. ඔයාට යාලුවො නැද්ද..??"
" ඉන්නවා හතරදෙනෙක්.."
" කෝ..??"
" ම්ම්ම්.. දෙන්නෙක් ක්ලාස් එකට ආවට පස්සෙ සර් එනකම් උන්ගෙ කෙල්ලො දෙන්නා එක්ක ඉන්නෙ.."
" අනිත්තුන් දෙන්නා ක්ලාස් එකට එන්නෙ අන්තිම මොහොතෙ.."එකාතකට හරිම අගේ ඇති යාලුවො තමා මටත් ඉන්නෙ..
" හ්ම්ම්ම්.."
" ඇයි ඉතින් සෙතිනු මේ ක්ලාස් එකට එන්නැත්තෙ..??"
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...