දවස් දෙකකට පස්සෙ පුරුදු විදිහට ආයෙ ඉස්කෝලෙ පටන් ගත්තා..
ලොක්කයියා මාව ආසිරි මාවතෙන් දාලා හරෝගෙන ගියාම මං ඉස්කෝලෙ පැත්තට යන්න අඩියක් තිබ්බා..
අහ්... අන්න.. තේව් අයියා ඉන්නවා කඩයක් ඉස්සරහා හිටගෙන..
මං එයා ලඟට යන්න හැදුවත් , මගෙ ගමන එහෙම්මම නතරවුනේ කඩේ ඉඳන් එලියට ආපු තිසක්‍යව දැකලා.. එයා පොතකුත් පපුවට තුරුල් කරගෙන තේව් අයියා ලඟට ගියාම , දෙන්නත් එක්කම ඉස්කෝල පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා..
හ්-හරියට කපල් එකක් වගේ..
" ම්හ්.."
ඒ දෙන්නට කරදර කරන්නෝන්නෑ මම..!!
මගෙ ඇස් දෙක බොඳ වෙනවා වගේ දැනෙනකොට මං දිගටම ඇස් පිල්ලම් ගැහුවෙ ඒ ගතිය මගැරෝගන්න..
මම ටිකක් වෙලා ඉඳලම ඉස්කෝලෙට යනවා කියලා හිතලා පාරෙ අයිනෙ තිබ්බ පොඩි තාප්පෙට නැගලා ඒකෙන් වාඩිවුනා..
කොහොමත් තේව් අයියා ගැන දැන් මං හිතන්නෙ යාලුවෙක් ගැන හිතනවා වගේනෙ.. එය තිසක්‍යා එක්ක හිටපු එක ගැන මට ගානක් නෑ.. ගානක් නෑම නෑ..
විනාඩි පහලවකට විතර පස්සෙ මං හිටපු තැනින් නැගිට්ටෙ ඉස්කෝලෙට යන්න.. මගෙ කම්මුල් දෙකම මේ වෙනකොට කඳුලු වලට පෙඟිලා තිබ්බ නිසා සාක්කුවෙ තිබ්බ සර්වියට් එකෙන් තදට මූන අතුල්ලගන්න ගමන් මං ඉස්කෝලෙ පැත්තට අඩි තිබ්බා..
" උඹ මොකෝ අද පරක්කු..??"
ඔහේ ඇවිදගෙන ඇවිත් ඉස්කෝලෙට රිංගගත්ත මං ශේප් එකේ පන්තියට ගියෙ ඉස්සරහට අයියව හම්බෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්..
කොහොමහරි ඔක්කොම කරදර වලින් බේරිලා මං පන්තියට ගිහින් බෑග් එක තියනකොට නෝට් වගයක් ලිය ලිය හිටපු සෙතිනුවා මගෙන් එහෙම ඇහුවා..
" අහ් මේ මං නැගිටිද්දි පරක්කු උනා.."
සෙතිනු ලියන ගමන්ම මගෙ දිහා අමුතුවට වගේ බැලුවම මං වෙන පැත්තක් බලාගත්තෙ ඕකා දිහා බැලුවොත් මං කිව්වෙ බොරු කියලා අහුවෙන නිසා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...