අද ඉරිදනෙ.. ඉතිම් ගෙදරට වෙලා කාලකන්නියෙක් වෙන්න බැරිකමට මං අයියගෙ බෝඩිමට ආවා.. මෙතන හරි නිදහස් , අඩුපාඩුවක් නැති , නිස්කලංක තැනක්..
අයියා ඉන්නෙ තුන්වෙනි තට්ටුවෙ.. ඇතුලට ඇවිත් දොර වහගත්තම වටපිටාවෙන් සද්දයක් ඇහෙන්නෙම නැති තරම්.. පාඩම් කරන ලමයෙක්ට ඉන්න කියාපු තැන..!!
" බබා.."
" ඕ අයියෙ.."
" දැන් මම කියලා දුන්නු විදිහට විසිදෙකේ පේපරේ භාග ගාණ හදන්න.."
එයා කිව්වම මම ඔලුව වනලා ගාණ හදන්න ගත්තා..
අයියා දැන්නම් මාත්තෙක්ක තරහා නෑ.. හැබැයි ඊයෙ රෑ වෙනකම් එයා තරහා වෙලා හිටියෙ..
ඔක්කොම අර මිනිහා නිසා තමෛ..!!
චමින්ද සර්ගෙ සීන්නෙක උනේ පෙරේදනෙ.. ඒ කියන්නෙ සිකුරාදා..
තරහා වෙලා හිටියට පුරුදු විදිහටම පෙරේදා අයියා මාව ගෙදරට ඇරලුවා.. යනගමන් මට අයිස්ක්‍රීම් එක්කුත් අරන් දුන්නා.. ඒත් කතා කලේ නෑ.. මම කතා කරන්න හැදුවට මාව ගනම් ගත්තෙත් නෑ..
මම ගේට්ටෙකෙන් ඇතුලට යනකම්ම බලන් ඉඳලා එයා වචනයක්වත් නොකියා යන්න ගියා මැකිලා..
පස්සෙ මං ගේ ඇතුලට ගිහින් වොශ් දාලා එයාට කෝල්ලෙකක් ගත්තා.. ම්හුක්.. ආන්ස්වර් කලේ නෑ..
ඉතින් මං එයාට මැසේජ් වගයක් දැම්මා.. හැබැයි ඒවටත් රිප්ලයි කලේ නෑ.. සීන් කරලා නිකන් ඉඳලා තිබ්බා.. කොහොමහරි ඊයෙ රෑ නවයයි ගානක් වෙනකම් මම එයාට විසි පාරකට වඩා කෝල් ගත්තා.. අයියා ඒ එකක්වත් ආන්ස්වර් කලේම නෑ.. පස්සෙ මම වැඩේ අත්තැරියා..
මං ඔක්කොම දමලා ගහලා බුජියන්න හදද්දි , දහයයි ගානකට අයියම කෝල් කලා මට.. කතා කරලා හෙට උදේ නවය වෙද්දි ලෑස්ති වෙලා ඉන්න , මං එනවා ඔයාව ගන්න කියලා කිව්වා..
එච්චරයි.. මට කතා කරන්න දුන්නෑ එයා කට් කලා..
මං ඉතින් හෙට හම්බෙලා සමාවගන්නවා කියලා හිතලා නිදාගත්තා..
ඒත් අද උදේ මාව ගන්න ආපු තේව්වයියා හැසිරුනේ කිසි දෙයක් උනේ නෑ වගේ.. හොඳට හිනාවෙලා වෙනදා වගේම කතා කලා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...