සුදු අරලිය මල් කිනිත්තේ විසිහයවැනි කුසුම...

2.7K 231 385
                                    

" ම්ම්ම්.. නිල් පෑන් දෙකයි.. අඩිරූලයි.. කලු පෑනයි.. මක්කෙයි.."
" කටර් එකයි.. රතු පෑනයි.. පාට ප් - - - "

" රතු පෑනක් මොකටද..??"

" නිකන් ගත්තෙ.."
" කියන්න බෑනෙ.. හදිස්සියක් උනොත්.."

" අහ් හ්ම් හ්ම්.."

" ම්ම්ම්.. පාට පෑන් පහයි.. තුල් මාරු කරන පැන්සලයි.. නිකන් පැන්සලයි.. ටිපෙක්ස් එකයි.. ස්ටේපරෙයි.."
" ඔක්කොම හරි නේ..??"

මං අහනකොට අයියා ඔලුව වැනුවා..

" යමුද දැන්..??"

" ඉන්නකො.. මම කොල තිහක් දාගත්තා අයියෙ.."
" ඇතිවෙයිද..??"

" බබා.. බුද්දාගම පේපර් එකයි , ඉතිහාසය පේපර් එකයිනෙ අද තියෙන්නෙ.."
" ඒකට ඔච්චර කොල ඕන්නෑ.."

" කමක් නෑ.. හදිස්සියක් උනොත්.."

කටත් තාරාවෙක්ගෙ වගේ උල් කරන් මම කියනකොට අයියා ලොකු හුස්මක් පහත දැම්මා..

" ඔක්කොම හරිනෙ..??"

මං ඔලුව වැනුවෙ ඔව් කියන්න..

" එහෙනම් යමු.."

අයියා කියලා එලියට යන්න හදනකොට මං එයාගෙ අතින් අල්ලගෙන නවත්තගත්තා..

" මොකෝ..??"

මම මුකුත්ම නොකියා එතනම දණ ගහලා අයියගෙ කකුල් අල්ලලා වඳිනකොට අයියට එකපාරටම කෑගැස්සුනා..

" ස්-සයාෂ් මොකද මේ..?!!"

" මට ආශිර්වාද කරන්නෙ නැද්ද..??"

මගෙන් අඩියක් විතර එහාට උන අයියා දිහා බලලා මං ඇස් බෝල කරලා අහනකොට අයියගෙ ඇස් දෙක ගැස්සුනා.. ඒ නැත්තන් අයියගෙ ඇස් ගැස්සුනා වගේ මට මැවිලා පෙනුනා..

සුදු අරලිය...Where stories live. Discover now