සුදු අරලිය මල් කිනිත්තේ දහඅටවැනි කුසුම...

2.9K 224 266
                                    

" සර්ගෙ මූන දෙල් උනා අයියෙහ්හ්.."

මං කිව්වෙ හෙන සතුටින්.. කුරිරු සතුටවල් බං මෙව්වා..!!

අද හවස චමින්දගෙ ක්ලාස් එක තිබ්බා.. සර් උගන්නන්න අරන් විනාඩි දහයක් වගේ යනකොට අයියා ලැප් එකක් එක්ක මොනාද ෆයිල් තොගයක් උස්සගෙන ආවා අපේ ක්ලාස් එකට..

අනිත් ක්ලාසස් ලොක් කරන නිසා අපි හිටපු ක්ලාස් එකේම ඉන්න අවසර ඉල්ලගත්ත අයියා සැරින් සැරේ මං දිහා බලන ගමන් පාඩුවෙ එයාගෙ වැඩ ටික කරගත්තා.. මෝඩ චමින්දයටත් කර කියාගන්න දෙයක් නැතිවුනා..

ඒත් උගන්නනකොට එයා එකපාරක් ලඟට ඇවිත් හොරෙන් මගෙ අත අල්ලන්න හැදුවා.. එවෙලෙ අයියා සද්දෙන් එක්ස්කියුස් කරලා මගෙන් කලු පෑනක් ඉල්ලගත්තා.. මං පෑන දෙනකොටත් අයියා සර්ට දාගෙන රවනවා.. ඊටපස්සෙ ආයෙ සර් මං ලඟටවත් ආවේ නෑ..

එයා ඉගැන්නුවා.. මට කිසි දෙයක් තේරුනේ නෑ.. සර් බෝඩ්ඩෙකේ ලිව්ව ටික පොතේ කුරුටු ගාගෙන මම ක්ලාස් ඉවර වෙලා අයියා එක්ක ආවා..

දැන් මේ අපි ගෙදර යන ගමන්..

" එයාගෙන් ඈත් වෙලා ඉන්න බබා.."
" ආපහු එන්න කියලා තිබ්බොත් , යනවනම් යාලුවෙක් එක්ක යන්න.."
" යන්න කවුරුත් නැත්තම් නොයා ඉන්න.."

" හරි.."
" මෙහ්.. ඒක නෙවේ.. මොනාතයියෙ ඔයාෆයිල් වගයක් අරන් ඇවිත් කලේ..??"

" අහ් ඔව්.."
" මාත්ගැන කියන්නම තමා හිටියෙ.."

අනේ බාල්දියක්ද දන්නෑ..!!

" බබා ඔයා දන්නවද ළමයි විභාගෙදි ගන්න මුලු ලකුණු වල එකතුව අරගෙන අන්තිමට අර ප්‍රතිශතේ බලන එක..??"

" ඕ ඕ.. අර වාර්තා පොතේ අන්තිමට දාන්නෙ කොටුවක් ඇතුලෙ.."

සුදු අරලිය...Where stories live. Discover now