දවස් ගණන් ගෙවිලා ගියා.. විභාගෙට තව සතියයි.. මේ දවස් වල මං හෝ ගාලා වැඩ.. අයියත් එයාගෙ වැඩ පැත්තකට දාලා මට උගන්නනවා..
එහෙම බෑනෙ.. මං කියන්නෙ එයාට එක්සෑම් අගෝස්තු වල.. ඒකත් ඒලෙවල්..!!
දැන් සෙතිනුවත් විද්වාන් අයියගෙන් සයන්ස් ඉගෙන ගන්නවා.. එදා මම විද්වාන් අයියට කියෝලා ක්ලාස් කරන්න කතා කලා කිව්වම ඌ මාව කෑවෙ නැති ටික විතරයි සතුට වැඩි කමට..
පෞ අනේ මගේ අහිංසකයා..
" ගුඩ් බෝයි.. ලකුණු හැට තුනක් තියනවා.."
අයියා මගෙ අතට ඊයෙ හවස මම කරපු ගණන් පේපරේ දෙන ගමන් කිව්වා.. අපි දෙන්නා හිටියෙ එයාගෙ පන්තියෙ..
අනේ දෙයියනේ.. හැට තුනක්..!!
" ඔහොම මහන්සි වුනොත් ඕලෙවල් වලට හොඳ රිසාල්ට් එකක් දාන්න පුලුවන් වෙයි.."
" තෑම්ස් අයියෙ.."
" ඔයා නිසානෙ ඔක්කොම.."මම කිව්වෙ ගණන් පේපරේ දිහා බලන ගමන්.. හය වසරෙන් පස්සෙ මම ගණන් වලට ගත්ත වැඩිම ලකුණ මේ..
අනේ මට සතුටුයි..!!
" නෑ බබා.."
" ඔය ලකුණු ඔයාගෙ මහන්සියෙන් ගත්ත ඒවා.."
" මම කලේ ඔයාව උනන්දු කරවලා ගණන් හදන්න කියලා දුන්නු එක විතරයි.."එයා ඔහොම තමා.. මොක කලත් ක්‍රෙඩිට් එක ගන්නෙ නෑ..!!
" අනේහ්හ්.. මට සතුටුයි හලෝ.."
" මට ඊටත් වඩා සතුටුයි.."
" ඉස්සරහටත් ඔහොම උනන්දුවෙන් වැඩ කරමු.. ම්ම්ම්..??"" හරි අයියෙ.."
මට ඉවසිල්ලක් නෑ ගෙදර අයට මේක පෙන්නනකම්..!!
" ආ මේක ගන්න.."
අයියා බෑග් එකෙන් බ්‍රව්න් පේපර් එකක දාපු මොකක්ද එකක් අරන් මගෙ අතට දුන්නා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...