" ප්ස්ස් ප්ස්ස් ප්ස්ස්.."
" ඒ ඒ ඔහෙ නෙවේ මෙහෙ.. මේ තාප්පෙ ලඟ.."තේව්වයියා ඇස් ලොකු කරගෙන මං දිහා බැලුවා..
" සයාෂ්..??"
" මොකක්ද ඔය තාප්පෙ එල්ලිලා කරන්නෙ..??"" හේ හේ.. පොඩ්ඩක් පරක්කූනානෙ අයියෙ.."
අද අපේ ලොක්කයියා වැඩට ගියෙ නෑ.. මේ සතියම වැඩ කරලා මහන්සීලුනෙ එයාට.. ඉතින් අද සිකුරාදා නිසා නිවාඩුවක් දාලා දවස් තුනක්ම එකදිගට ගෙදර ඉන්න පුලාම් කියලා..
ඌ තිරිසනා මට කිව්වෙත් නෑ.. මම දැනගත්තෙ අද උදේ අපේ අම්මියා කියනකොට..
ඉතින් මේ සතියෙම ආවා වගේ ඌ එක්ක ඉස්කෝලෙ එන්න හිටපු මට අද පරක්කු උනා..
සැක්.. ඌ තාම බුදි ඇති පුප උඩ දාන්.. මම මේ තාප්ප දිගේ බඩගානවා..
ගේට්ටෙකෙන් ගියොත් පරක්කු වුන එකට පින්සිපල්ගෙන් ගුටිකන්න වෙන නිසා මං තීරණේ කලා තාප්පෙන් පයින්න..
හිතන තරම් ලේසි නෑ වැඩේ.. තාප්පෙ එල්ලිලා ඔලුව දාලා බලනකොට මං දැක්කෙ තේව්වයියව.. පොර අතේ පොතකුත් රෝල් කරන් ගැම්මට කොහෙද යන ගමන් හිටියෙ..
මං කතා කලාම එයා පැත්ත හොයාගන්න බැරුව වටේම ඔලුව කැරකෙව්වා.. අන්තිමට තමා තාප්පෙන් ඔලුව විතරක් දාන්නින්න මාව දැකලා අයියා පුදුම උනේ..
" එහ් මාව ඇතුලට ගන්නවකො.."
මං දත් සෙට් එක එලියෙ දාන් හිනාවෙලා කිව්වම අයියා කවුරුත් ඉන්නවද කියලා වටපිට බලලා තාප්පෙ පාමුලට ආවා..
" හරි ශෝක්නෙ.. පරක්කු වෙලා ඉස්කෝලෙට ඇවිත් එච් පීට කියනවා තාප්පෙන් පයින්න උදව් කරන්න කියලා.."
" කෝ බෑග් එක දෙන්න.."" අනේ අයියෙ මේ.. ඔයාලා ඔය එච් පී තනතුරු ගන්න කලින් හැදුනෙ අපේ අත් වල.."
" අන්නේක මතක තියාගන්න.."මං තාප්පෙ උඩින් වාඩිවෙලා බෑග්ගෙක දෙන ගමන් කියනකොට අයියා හිනාවීගෙන මගෙ දිහා බලන් හිටියා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...