" තමුසෙ !..තමුසෙ... මගෙ මල්ලි අර වගේ පිස්සෙක් උනේ තෝ හින්ද යකෝ "
ආයිශ්...! මොන මගුලක්ද මේ ...කාමරෙන් එළියෙ ඉදපු මනුස්සය මං ඉන්න තැනට දුවන් ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලන් මේ කෑ ගහන්නෙ ඇයි කියන්න මට හිතාගන්න බැරිඋනා. තව ටිකෙන් මගෙ කනත් රත්වෙන්න දෙයි කියල හිතුන හින්දම මං ඒක ඩිෆෙන්ඩ් කරන්න ෆුල් රෙඩිපිට හිටියෙ.
" ලොකූ වට්ස් දිස් ... වට් ආ යූ ඩුයින්.. රිලීස් හිම් ඇන්ඩ් ගෙට් ටු ද පොයින්ට්..."
" තාත්ත.. තා.. තාත්ත මේ ඉන්නෙ මල්ලිව පිස්සෙක් කරපු නිශිත...!!!! "
" වට්...!!!?? "
ජගත් සර්ගෙ තරම්ම ලොකුවට මගෙ කටත් ඇරුනෙ මට ඉස්සරහ පුපුරමින් ඉන්න මේ මනුස්සය කියන දේ අදහගන්න බැරුව...
" මොන නිශිත ද? මං හිතන්නෙ ඔයාට වැරදීමක් වෙලා.. මිස්ටර් අපි මේක හිමීට කතාක.. "
" මොකද්ද මිනිහො හිමීට කියන්නෙ .. අරූ අරෙහෙම පිස්සෙක් උනාට පස්සෙත් තමුසෙ කියන්නෙ.... අයිශ් ශිට්! "
මගෙ බෙල්ලෙන් අත ගත්ත එයා හයියෙන් කොන්ඩෙන් ඇදගන්න ගමන් එතන තිබුන ෆෝෆා එකටත් පයින් ගහගෙන කාමරෙන් එලියට ගියා. තාමත් ඒ විදිහටම බිත්තියට හේත්තු වෙලා කන්ෆියුස් මූණකින් මං බලන් හිටියෙ මං දිහා ඇහිපිය නොහෙලා බලන් ඉන්න ජගත් සර් දිහා.
" මොකද්ද සර් මේකෙ තේරුම..? "
කතාකරගන්න පුලුවන් උන මුල් අවස්ථාවෙම මං ඇහුවෙ මේ කිසිමදෙයක් මට හිතාගන්න බැරිවුන නිසා.
" අපි පහලට ගිහින් කතා කරමු... ඇක්චුවලි අ' යිම් සොරි පුතා... ලොකූ එහෙම හැසිරුනේ ඇයි කියල මං බලන්නම් .. එනිවේ අ'යිම් සෝ සොරි ෆො දැට්.."
අපි දෙන්න පහලට යනකොටත් ඇගිල්ලකුත් හපනගමන් සාලෙ එහාටයි මෙහාටයි ඇවිද්දෙ කලින් මගෙ බෙල්ලෙන් අල්ලන් විකාරයක් කරපු මනුස්සය. කොට ස්පෝට්ස් කලිසමට බැගී ටී ශර්ට් එකක් ඇදන් හිටපු එයාට හොදට මේන්ටේන් කරපු ඇගක් තිබුන. මං හිතන දේ හරිනම් මේ ඉන්නෙ සර් ගෙ ලොකු පුතා වෙන්න ඕනි.
" කාම් ඩවුන් සන් .. . එකවගේ හත්දෙනෙක් ඉන්නව කියනවනෙ.."
ජගත් සර් ගිහින් පුතාගෙ පිටට තට්ටුවක් දාල එහෙම කියනවත් එක්කම මගෙ දිහාට පිච්චිලා යන බැල්මක් දීපු සර්ගෙ ලොකු පුතා සාලෙ තිබුන සෝෆා එකෙන් ඉදගත්ත. ඉදගත්ත නමෙයි ඒක උඩට කඩන් වැටුන.
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚