ගෙදර ආවටත් පස්සෙ වැස්ස එන්න එන්නම තද කරන්න ගත්ත නිස අම්මයි මායි අප්පච්චියි උන්නෙ සාලෙට වෙලා අම්මගෙ තේ එකකුත් බිබී හොඳ කයියක් දාගෙන...
බදාද බාප්ප රට යන නිසා අපි ටික දවසකට පුංචිලෑ ගිහින් එන්න යනව කියල මම දැනගත්තෙත් දැන් අම්ම කීවට පස්සෙ... හැබැයි ඉතිං පුංචිලෑ යන එකට නම් මම එක පයින් කැමතියි ..එයට ළමයි නැති හින්දම මට සලකන්නෙ එයාගෙම ළමයෙක්ට වගේ..
පහුගිය දවස්වල ලෙල්ලම පැත්තෙ උන සිද්ධිත් එක්ක අප්පච්චිත් ටිකක් මෙහෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි... කුඩුකාරයෙක් මන්නයක් දික්කරලම අප්පච්චිට තර්ජනේ කරා කියල එතන ඉන්න සුමනම්ම පෙරේද අම්ම එක්ක කියනව මාත් අහගෙන... අප්පච්චිත් තාම හිතන් ඉන්නෙ එයා හමුදාවෙ ඉන්නව කියල.. ඒ කාලෙත් ඇමතියෙක් එක්ක කේස් එකක් දාගෙන සෑහෙන ප්‍රශ්නයක් උනා කියල අම්ම කිව්ව...
සඳුදට එළි උනෙත් ඊයෙ පටන් ගත්ත වැස්ස චුරු චුරු ගගා උදේ ඉදන් පටන් අරන් තියෙද්දිමයි... එළියට බහින්නත් බැරි එකේ උදේටත් කාල මම ඉදගත්තෙ දවස් ගානක ඉදන් බලන්න පටන් අරන් ඉවරකරගන්න බැරි උන සීරීස් එකක් බලන්න...
කොරියන් සීර්‍රීස් වලට අපේ උන් කොච්චර පිස්සු වැටිල හිටියත් මගෙ හිත ගියෙම් චයිනීස් ඒවට ඇයිද මන්ද ඒවගෙත් සකන්ඩ් ලීඩ් එකටම හිත යන්නෙ... මං බල බල උන්න කතාවෙත් කොල්ල පස්සෙන් කෙල්ල ගියාට මූ නමෙයි සත පහකට කෙල්ලව ගනන් ගන්නෙ ඒත් ඉතිං සකන්ඩ් ලීඩ් එක කියල ආව කොල්ල කෙල්ල එක්කම ඉන්නව ඕන දේකට... මං නතර කලේ දාහත්වෙනි එපියෙන්ද කොහෙද... එතන ඉදන් බලන්න ගන්නෝනි...
පැය හතරක් විතර එකදිගට එපිසෝඩ් පහක් විතර බල බල ඉන්නකොට වත්සුවගෙන් කෝල් එකක් ආවමයි ප්‍රගීත් අයියට විශ් කලේ නෑනෙ කියල මතක් උනේ...
" හෙලෝ ... "
" නිශිය ... උදව්වක් කරපං... "
" කියපං මොකද්ද ... ආ මේ මෙහාට හොඳටම වැස්ස මාව කඩේ යවන්න නම් ලෑස්ති වෙන්නෙපා ඈ...."
" නෑ නෑ බං ... අපේ ගෙදරට කෝල් එකක් දීපංකො මෙහෙට හොඳටම වැස්ස අපි හෙට උදේ එන්නම් කියල... "
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚