39 වෙනි කඩුල්ල

115 22 10
                                    

" උබට වෙනම ආරාධනා කරල ගෙන්නගන්න උබ VIP ද කියපං..."

ඒ සද්දෙ මුළු හෝල් එක පුරාම දෝංකාරය දුන්න. මං හිතන්නෙ කැපා අයියගෙ කටහඩත් එක්කම ඒ ආවේගෙට මගෙ විතරක් නමෙයි හෝල් එකේ ඉදන් උන්න අනිත් උන්ගෙත් ඇගේ හිරිගඩු පිපෙන්න ඇති. 

ඔව් ඒ කෑ ගැහුවෙ වෙන කාටවත් නමෙයි මට. සාගර අයිය එක්ක උගෙ රයිස් එකටත් වැඩේ දීල ඌව පිටත් කරාට පස්සෙ මම ප්‍රසන්ටේශන් එකේ වැඩේට බැස්ස. ඒත් ඒක ඉවර කරගන්නත් කලිනම නින්දක් සෙට් උනායින් මාව ඇහැරුනේ ෆෝන් එක රින් වෙද්දි. නිර්වාන් කෝල් කරල බැජ් මීටින් එක අනිවාර්‍ය කරල කිව්වත් මට යන්න මූඩ් එකක් තිබ්බෙම නෑ. ඒත් ඌගෙ කෝල් එක කට් වෙනවත් එක්කම රෙපා කෝල් කරල අනිවාරෙන් එන්න කිව්ව. මීටිමට යනව නම් වෙලාවට යන්න ඕනි නැත්නම් නොගිහින් ඉන්න ඕනි ඒ අතරමැද දෙයක් නැති හින්දම මම ඔන්නොහෙ කියල ලෑස්ති උනා. ඒත් මීටිම පටන් ගන්න කලින් ගියත් මෙහෙම පිලිගැනීමක් නම් බලාපොරොත්තු උනේ නෑ සාන්ත. 

" ඒ ෆස්ට් ඉයර් මෙහෙ වරෙන්... "

" උබ මොකද අඩන්නෙ.. කොක්කද ? "

අනේ මේ -ත්තිටත් දැන්ම අඩන්න ඕනි උනානෙ මගුල. ඇයි යකෝ මෙච්චර උන් ඉස්සරහ බනිද්දි මම ගැම්මෙන් ඉන්නව. තුන්වෙනි පේලියෙ අන්තිමට ඉදගෙන ඉකිගහන කෙල්ලෙක්ව ඩීන් අයිය ඉස්සරහට ගත්ත විතරයි කෙල්ලගෙ ඇඩිල්ල තවත් වැඩි උනා..

" න්.. නෑ අයියෙ.. " 

" ලේන්සුවක් දීපං.. "

හැමිනෙනවනෙ ඉතිං මූත්. මං ළඟ ලේන්සුවක් නෑ කිව්වොත් තව මොන මොනව කරන්න වෙයිද දන්නැති නිසා හෝල් එකේම සූ හඩ් මැද්දෙන් මම අර කෙල්ලට මගෙ ලේන්සුව දුන්න. 

" ශ්.... නවත්තපන්.. ඕව තියාගන්න එපා .. වැඩේ කරගෙන ඉදපල්ල මුලින්ම.. "

" යමං.. උබ මීටිම ඉවර වෙලා මාව හම්බෙන්න " 

ඩීන් අයිය ශේප් එකේ යන්න කිව්වත් රතු කට්ට පැනල හිටිය කැපා අයිය ආයෙත් මීටිම ඉවර වෙලා ඌව හම්බෙන්න කියල මාව යැව්ව. 

ඒත් උගෙ තරහ පාලනේ කරගෙන ආයෙත් කතා කරන්න ගත්තෙ පට්ටම සීරියස් ටෝන් එකකින්. ඌ කියන ඒව බොක්කට නමෙයි ඊටත් එහාටම වැදෙන්න ඌට කතා කරන්න පුලුවන්. සුපුරුදු පරිදි කැපා අයියගෙ කතාව ඉවර වෙනවත් එක්කම අයෙත් ඩීන් අයිය ඉස්සරහට ආව.

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now