26 වෙනි කොටස

166 32 11
                                    

ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුහුමට මාව තෙමෙයි...

මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි..

ඔබ හැඟුම්බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි...

වැස්සයි සීතලයි ආසම සිංදුවයි ඔයයි 

එළියෙන් වැටෙන වැහි බිංදු වල සද්දෙත් එක්ක දයාන් විතාරණගෙ කටහඩ ඇහෙද්දි මං හිටියෙ එයාව තුරුල් කරගෙන... මගෙ තුරුලට වෙලා එයා කොච්චර වෙලාවක් හිටියද කියල මට මතක නැත්තෙ ආසම තප්පර ඉක්මනින් ගෙවිල යනව කියල කියන නිසා වෙන්නැති...

පහුගිය දවස්වල මට තිබුන ලෙඩ සේරම එකපාර හොඳවුනා වගේ.. උරහිසේ වේදනාව ඔලුවෙ කැක්කුම කිය කිය බෙහෙත් බිව්වට මට ඇත්තටම තිබිල තියෙන්නෙ හිතේ අමාරුවක්... ඔව් ඒක පටන් ගන්න ඇත්තෙ එකපාර එදා එයා මාව දාල ගිය වෙලාවෙ වෙන්නැති.. හිත කියන්නෙ මගෙ පපුව අස්සෙ කොහෙ හරි තැනක් කියල මං හිතුවෙ ඒ වෙලාවෙ දැනුන පපුවෙ වේදනාව දරාගන්නම බැරිඋන නිසා.. 

ඒත් මං කොහොමද විශ්වාස කරන්නෙ මම මෙච්චර කාලයක් එයා එක්ක බෙදාගත්ත හැගීම් ආදරේ කියල.. මං ඒක තේරුම් ගන්න කල් ගත්ත වැඩි ඇති ඒත් ඉස්සරහට මොනදේ උනත් කාව අතාරින්න උනත් ඒ අත අල්ලන් ඉන්න ඕනි කියල මං ගත්ත තීරණේ හරි කියන්න එයා එක්ක ඉන්න හැම මොහොතක්ම මට තේරුම් කරනව...

මට මාවම තේරුම් ගන්න කොච්චර කල් ගියත් ඒක තේරුම් ගත්ත ගමන් එයාව හොයන් ගිය එක ගැන මං සතුටු වෙනව... මොකද ඒක තේරුනාට පස්සෙ එක මොහොතක්වත් නාස්ති කරන්න මට ඕනි නැති නිසා .... මට මේ ආදරේ අත ඇරගන්න ඕනි නැති නිසා...

" සදැස්.. මට අම්ම බලන්න ඕනි... "

මගෙ ඔඩොක්කුවෙන් පහළට රූට්ටල ගිහින් හිටපු එයා උඩට ඇවිත් අයෙ හොඳට මගෙ පපුවට හේත්තුවෙලා ඉදගන්න ගමන් අම්ම බලන්න ඕනි කිව්ව...  එයා තාම අපේ ගෙදර ආවට ඉන්නෙ කැමැත්තෙන් නමෙයි වගේ...

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now