වර්ථමානය
" ඔයා .. ඔයා එපා.. එපා.. "
" ගෞරව් මේ අහන්නකො අයිය කියන එක..ඔයාගෙ චුරූ ආසයිලු නාල සුවද වෙලා ඉන්න අයට ඉතිං ඔහොම හිටියොත් නම් ඔයාව බලන්නවත් එන එකක් නෑ.. "
" මම නෑ වොත් .. චුරූ එයිද... මං ළගට ආයෙ එයිද..?"
මං ගෞරව්ට බොරුවට බලාපොරොත්තු දෙන්න කැමති නෑ ඒත් ඉතිං එයාගෙ මුලු ලෝකෙම හිටියෙ චුරූ විතරයි. මම දන්නෑ එයා කවුද කොහොම මනුස්සයෙක්ද කියන්න ඒත් මේ ටිකට මං එක දෙයක් දැනගත්ත. ඒ තමයි ගෞරව් එයාගෙ චුරූට නොසෑහෙන්න ආදරේ කරල තියනව කියල..
ශාක්‍යසිංහ හවුස් එකට ඇවිත් දැන් මාසෙකටත් කිටටුයි ඒ කාලෙ ඇතුළත මම එයාල ගැන ගොඩක් දැනගත්තෙ රුහිරු අයියගෙන්. ආපු මුල් දවස් වල සී අයි ඩී එකෙන් වගේ මගෙ පස්සෙන් හිටියත් එයාට තියා මටත් තාම හොයාගන්න බැරි විස්තර තියෙනකොට එයාහොයන නිශිත මම නමෙයි කියල එයා තේරුම් ගත්ත. ඒත් එයාගෙ හිතේ තාමත් පොඩි ඩවුට් එකක් තියනව කියන්න මං දන්නව.
ගෞරව්ගෙ රූම් එකම කහ පාටින් තිබුනෙ ඒක එයාගෙ ෆේවරිට් කලර් එක නිසා නමෙයි. ඒක එයාගෙ චුරූගෙ ෆේවරිට් කලර් එක නිසා. ඒ වගේම ගෞරව් කවදාවත් බිත්තිය අයියෙ නිදාගත්තෙ නෑ. එයා ඉන්න මානසික තත්වෙ නිසා මුලින්ම මම එයාව බිත්තිය අයිනට යවන්න ගියත් අත ළග තිබුන කොට්ටෙනුත් මට ගහල එයා කෑ ගැහුව..
" බිත්තිය අයින චුරූගෙ... එයා ආස නෑ වැටෙන අයිනෙ නිදාගන්න.. "
ගෞරව් කියන සමහර දේවල් නිසා එයා මේ මානසික ලෙඩෙක් වගේ කරන්නෙ රඟපෑමක්ද කියලත් මට නොහිතුනා නමෙයි. ඒත් එයා එච්චරම කෙයා කරන්නෙ එච්චරම මතක චුරූ සම්බන්ද කාරණා විතරයි.
ආදරේ කියන කාරණාව මං ලොකුවට හිතල තිබුනෙ නෑ. මේ තරම් මනුස්සයෙක්ට ආදරේ කරන්න පුලුවන්ද කියලවත් මම දන්නෙ නෑ. ඇත්තම කියනව නම් මටත් එහෙම ආදරයක් තියෙන්න ඇතිද ..? නෑ එහෙම තිබුන නම් එයා මේ වෙනකොට මාව හොයාගෙන එන්න ඕනි. ඒත් කවද හරි මටත් ඕනි ගෞරව් එයාගෙ චුරූට ආදරේ කරනව වගේ ආදරයක්.
මේ වෙද්දි ගෞරව්ගෙ සේරම වැඩ උනේ මගෙ අතින් මුලින් තරම්ම නැතත් තාම එයා මට ළං වෙන්න දෙන්නෙ නෑ. ඒ හැම දේකින්ම මටකරන්න අමාරුම වැඩේ එයාව නාවන එක. ඇත්තටම නාවන එක් නමෙයි නාවන්න කැමති කරගන්න එක.
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚