15 වෙනි කඩුල්ල

221 39 15
                                    

ඊයෙ රෑ කොහෙ නිදාගත්තත් උදේ නැගිටිනකොට මම හිටියෙ සහනගෙ කුණු කකුලකට යටවෙලා.. ඇස් දෙක ඇරපු ගමන් සිවිලිමේ ෆෑන් එක කැරකෙන දිහා වැඩිවෙලාවක් බලන් ඉන්න හම්බුනේ නෑ හයට තියල තියන එලාම් එක වැදෙන්න ගත්ත.. ඒකත් ඕෆ් කරල බලද්දි අම්මගෙන් මිස්කෝල් හතයි. පස්සෙ කෝල් එකක් ගන්නව කියල හිතන් නැගිටින්න එහා පැත්ත හැරෙද්දිමගෙ අත උඩ වත්සුව කෙල පෙරාගෙන නිදි.. 

උදේ හතේ ශිෆ්ට් එකට වෙලාවටම යන්න නම් ගෙදරින් හයාමාර වෙද්දිවත් පිටත් වෙනව කියල හිතාගන්න ඕනි එහෙම නැති උනොත් ජීවිතේට වෙලාවට යන්න වෙන්නෙ නෑ.. අරුන් දෙන්නව එහාට මෙහාට කරල නැගිටල බැලුවෙ අපේ එවුන් දිහා... ඊයෙ රෑ අපූරුවට නිදාගත්ත සෙට් එක මේ වෙද්දි උන්නෙ එකට ගුලිවෙලා.. හැබැයි එක්කෙනෙක් අඩුයි... අපේ කාමරේ දොර තාම වහල කියන්නෙ කෙල්ලො ටික නිදි ඇති.. 

ටවල් එකත් අරන් ඉක්මනට නාල ලෑස්ති වෙන්න හිතන් මම බාතෲම් එකට යන්න හැදුවත් ඒක ලොක් කරල .. කවුරු හරි ඇතුලෙ ඉන්නව වගේ.. එහෙම්ම මම කුස්සියට ආවෙ එයා එනකල් වෙලාව අපතෙ යවන් නැතුව කිරි එකක්වත් හදාගන්නව කියල හිතන්.. හැමදේම කරන්න තියෙන්නෙ පැය භාගයයි.. හීටර් එක තියනවත් එක්කම බාතෲම් එකේ දොර ඇරුන.. වතුර එක පැහෙනකල් නාල එන්න පුලුවන්... 

" ටහුක්... " 

බාතෲම් එකේ ඉදල තියෙන්නෙ වෙන කවුරුත් නමෙයි ඊයෙ රෑ සාලෙ අපිත් එක්ක නිදාගෙන අද උදේ වෙනකොට අතුරුදහන් වෙලා ඉදපු එකා... මේ යකා ඇස් දෙක පුකේ ගහන් යනවද මන්ද ඉස්සරහට ආපු මාව නොදැක හැප්පෙන්න තරම්.. 

" ගුඩ් මෝනිං... ඔය යන්නද..? "

ඔලුව බිමට හරවන් ඉන්න ගෞරව්ගෙන් මම ඇහුවෙ මෙච්චර වේලාසන ඇහැරුනේ කලින්ම යන්නවත් ද කියල හිතුන නිසා.. ඒත් ඉතිං කතා කරන එකෙක්ගෙන් එපැයි මාත් ප්‍රශ්නයක් අහන්න.. ඌ මාවත් පහු කරන් සාලෙට යනවත් එක්කම මමත් බාතෲම් එකට රිංගගත්ත.. නාල එළියට ආවත් ඇදුමක් ගන්න කාමරේට යන්න විදියක් තියෙන්න එපැයි.. ටවල් එකත් පටලන් මම කල්පනා කරේ ඇතුලට යනවද නැද්ද කියල... 

" මොකද... ? "

" මො... මොකද...? "

කාමරේ ඉස්සරහ ඉදන් සක්මන් භාවනාව කරන මං ඉස්සරහට ඇවිත් ගෞරව් මොකද කියල අහනවත් එක්කම මට වචන පැටලුනා විතරක් නමෙයි පොළව පලාගෙන යන්න හිතුන.. කාමරේට ගිහින් අර කෙල්ලො තුනම ඉස්සරහ හිටියත් මට මෙච්චර ලැජ්ජාවක් දැනෙන එකක් නෑ... ඒත් ඉතිං පුරුෂ ශක්තිය හිතට අරන් මම පුලුවන් තරම් නෝමල් කතා කරන්න ට්‍රයි කලා..

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now