" බ්වැ..කැහ්.. කැහ්හ්හ් .... කැහ්හ්... ගෞරව් වතුර...කැහ්.."
" මොකද උනේ ..... චූ- "
ඒ තප්පර ගානට මොකද්ද උනේ කියලවත් මට හිතාගන්න බැරි උනා.. කුස්සියෙ ලයිට්ස් ඔක්කොම ඔන් වෙද්දි අපි දෙන්න උන්නෙ සෝෆා එක පිටිපස්සෙ... මගෙ අතේ පිහියක් එක්ක කේක් කෑල්ලක් තියෙද්දි චූටි අයිය අතේ ඉතුරු කේක් එකයි නෙස්ටමෝල්ට් බෝතලේකුයි තිබුන...
" ජගත් අයියෙ...!! ලොකූ.. පොඩී ... මොකෙක් හරි ගෙට පැනල වගේ... "
මම්ම කිචන් එකට ඇවිත් වටේම බලල ගෙදර කට්ටියට කතා කරත් කාගෙන්වත් උත්තරයක් නැතිතැන වටේම සර්ච් කරන්න ගත්ත...
" ස්ස්.. තව නම් ඉවසන්න බෑ මගුල... කැහ්...කැහ්"
" කවුද ඔතන.. "
"චු-.. "
මොන ජරාවක් හරි කාල කහින්න ගද්දි මම්ම අපේ පැත්තට ශනිකව එන්න ගත්තෙත් චූටි අයිය මාව එළියට තල්ලු කලෙත් එකපාර... අතේ තිබුන කේක් කෑල්ලත් අරන් මම සෝෆා එකෙන් ඉදගත්ත...
" මොකද පොඩී මේ මහ රෑ කරන්නෙ... මං හිතුව බලලෙක්වත් පැනල කියල..."
" ශුග ලෙවල් එක අඩු වෙලා වගේ මම්මෙ... "
" එහෙනම් ලයිට්ස් ඕෆ් කරන් යන්න මං යනව .."
මම්ම ආයෙම රූම් එකට යනවත් එක්ක චූටි අයිය දුවල ගිහින් ෆ්‍රිජ් එකෙන් වතුර එකක් අරන් බීගෙන ගියා... දැන් මට ඔක්කොටම වඩා දැනගන්න ඕනි මෙයාගෙ නැට්ට ගිනි අරන් තියෙන්නෙ මොකද් කියල..
" මොකද චූටි අයියෙ නැට්ට ගිනිගත්ත හනුම වගේ දගලන්නෙ..."
" නැට්ට.. තමුසෙගෙ ගෙදර මිනිස්සුන්ට පිස්සුද ඕයි නෙස්ටමෝල්ට් බෝතලේ මිරිස්කුඩු දාන්න... "
දැන් තමයි ඒ මූණ හරියටම දැක්කෙ... ඇස් වල කදුළු පිරිල කන් දෙකේ ඉදන්ම රතුවෙලා තොල් දෙක ඉලිප්පිලා ඇවිත් තිබුන...
" ආ මේක බොන්න අඩු වෙයි... "
මම උණුවතුර ටිකක් අරන් මග් එකකට දාල දුන්නෙ දැවිල්ල අඩු වෙන්න...
" අම්මෝ උණුවතුර බිව්වොත් වැඩි වෙනව...අනේ මට ඉන්න බෑනෙ ... "
" වැඩි වෙලා අඩු වෙනව... ඊට පස්සෙ මේක කෑවම හරියයි... "
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚