" සදැස්... "
" ම්ම්ම් "
ප්රගීත් අයිය ගෙනත් දීපු ෆැන්ට කෑන් දෙකත් අතේ තියන් අපි තාම හිටියෙ ස්ටේෂන් එකට හැරෙන වංගුවෙ තියන මැයි ගහට පිටදීල... එයාගෙ ඇස්දෙක වෙනදටත් වඩා මට ලස්සනට පේන්නෙ පාර දිගට දාල තියන ලයිට් වල එළිය නිසා වෙන්නැති..
හොඳම වෙලාව හරිම වෙලාව මොකද්ද කියන්න මම දන්නෙ නෑ... ඒත් මට ඕනි පරක්කු වෙන්න කලින් එයාට ආදරෙයි කියන්න.. තවත් ෆැන්ට උගුරක් කටට හලාගෙනම මම තවත් ටිකක් එයාට ළං උනා...
ම්ම්ම් කිව්වත් එයාගෙ ඇස් තිබුනෙ අපෙන් ගොඩක් ඈතට යොමුවෙලා... මගෙ නිදහස් අතින් මම එයාගෙ අත අල්ලගනිද්දි ගැස්සිලා මගෙ දිහා බැලුවෙ ෆැන්ට එක අල්ලන් ඉදල අත සීතල වෙලා තිබුන නිසා වෙන්නැති..
" ඇයි මේ.... "
අද එයා ළඟින් එන්නෙ වැනිලා සුවඳක්.. අර පිස්සු වැටෙන ඇස් දෙකෙන් මං දිහා බලල ඇයි කියල ඇහුවත් මගෙ කටින් වචනයක් ආවෙ නෑ.... ජීවිතේටවත් කතා කරගන්න බැරුව මාව හිරවෙන අවස්ථාවක් මගෙ ජීවිතේ තියෙයි කියල මං හීනෙකින්වත් හිතල තිබුනෙ නෑ... ඒ තරමට මගෙ කටේ වචන තිබුන .. ඒත් අද මං කියන්නම ඕනි දේ මට කියාගන්න බෑ...
" චූටි අයියෙ.... "
" ආහ්.. මේ .. මොකුත් නෑ... හහ්... අපි අර පැත්තට යමුනේ... "
" ඔයාට නම් පිස්සු චූටි අයියෙ.... තව විනාඩි දහයක් ඉන්න පුලුවන් මෙහෙම.."
මාව පිස්සු වැට්ටුවෙ තමුසෙනෙ ඉතිං... හැමෝම සුදු අයියෙ කිව්වත් ගෞරව් හැමවෙලේම කතා කලේ චූටි අයියෙ කියල... සමහරවිට මට වඩා සුදු අයියල මේකට ඉන්නවද දන්නෑ... එහාට යමු කිව්වත් මාත් ආසයි මෙහෙම ඉන්න විනාඩි දහයක් නමෙයි දහයෙ ඒව දහයක් උනත්...
" ආ ... ඔයාගෙ නම්බ' එක දෙන්න... "
ෆෝන් එකේ කී පෑඩ් එක ඕපන් කරල මගෙන් නම්බර් එක ඉල්ලගෙන මට මිස් කෝල් එකකුත් ගැහුවට පස්සෙ එක අතක් එක්කම ෆෝන් එක සාක්කුවට දාගත්තත් ඒ අත නමෙයි ආයෙ එළියට ආවෙ ... සමහරවිට මම ආයෙත් අල්ලගනී කියලද දන්නෑ ...
" ඔයාට ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ? "
" හෑහ්.. "
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚