ජීවිතේ කියන්නෙ ඒකාකාරීව හැමදාම එකම විදියට ගෙවෙන දෙයක් නමෙයි. දුක සතුට හැමදේම හැම මනුස්සයෙක්ගෙම ජීවිතවල තියනව. සමහරු කියන විදියට එක මොහොතක් සතුටින් හිටියොත් ආයෙ මාසයක් දුක් වෙන්න වැඩ සිද්ධවෙනව හැබැයි මට ඒ දේම ටිකක් වෙනස් විදියකට හිතෙනව සමහරවිට අපි සතුටින් මාසයක් හිටියොත් අපිට ඒ මාසෙ එක තප්පරයක් වගේ දැනෙනව අපි තප්පරයක් දුකින් හිටියොත් ඒක මාසයක් වගේ දැනෙනව... කොහොම මොන විදියට කිව්වත් අපි ආසම තප්පර සෑහෙන ඉක්මනින් ගෙවිල යනව. ඒ කාලෙ ගෙවිල යනවද කියලත් සමහර වෙලාවට අපිට දැනෙන්නෙ නෑ...
මං හිතන්නෙ දුක සතුට මැද්දෙන් නොවෙනස්ව දරාගෙන අපිට යන්න පුලුවන්නම් අපි එතනම ජීවිතේ දිනල ඉවරයි.
ගෞරව් එක්ක ට්‍රිප් එකක් යන එක මම ලොකුවට ප්ලෑන්කරගෙන ඉදපු දෙයක් නමෙයි ඒත් අපි හම්බුනාට පස්සෙ එන එයාගෙ පළවෙනි උපන්දිනේ අමතක නොවෙන විදියට සමරන්න මට ආසාවක් තිබුන... ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න ගතවුනේ පැය ගානයි.
මට ගෙදර ඇවිත් වොශ් දාන්න විතරයි හම්බුනේ අප්පච්චිගෙ උසාවියෙ නඩු අහන්න පටන් ගත්ත... මං දන්නව අප්පච්චිගෙන් ලේසියට කිසි දෙයක් හංගන්න බෑ කියල ඒත් මේ දේවල් මෙච්චර ඉක්මනින් සිද්දවෙයි කියල මං හිතුවෙ නෑ.
සුළු මොහොතකට පෙර -
" සුදූ අප්පච්චිට ඇත්ත කියන්න... මේ දේවල් ඇත්තද..? "
" සාක්ෂිත් එක්කම ඔයාලට හම්බෙලා තියෙද්දිත් මම කොහොමද අම්ම මේව බොරුයි කියන්නෙ... "
සෝෆා ටේබල් එක උඩ තිබුනෙ ගෞරව් යි මායි ඉන්න ෆොටෝස් එතන ෆොටෝස් හය හතක් තියෙන්න ඇති ඒත් එහෙම ෆොටෝස් ගන්න නම් කවුරු හරි අපිව ළඟින්ම ෆලෝ කරල තියෙන්න ඕනි..
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚