පස්වෙනි කඩුල්ල

273 49 9
                                    

" අරයත් එනව නම් කූල් ස්පොට් යමු.. නැත්නම් අපි කැපෙනව...."

ඈතින් ඇවිදන් එන කොල්ලව පෙන්නල මම එහෙම කියද්දි මෙච්චර වෙලා ගෙදර යන්න ඕනි කියල අර පොඩි එකාගෙ ඉන්විටේශන් එක රිජෙක්ට් කර කර හිටපු අපේ බුවාල ටික පිච්චිලා යන බැල්මකින් මං දිහා බලල ආයෙත් මම පෙන්නපු කොල්ල දිහා බැලුව.  

මේ නිශිත කියන්නෙ ඉතිං ආයෙ කිසිම අවස්ථාවක් මිස් කරගන්න ජාතියෙ කෙනෙක් නමෙයි. ඔව් ඔව් ඒ එන්නෙ වෙන කවුරුත් නමෙයි අද දවල් අපිව පඩේකට මායිම් නොකරපු මහලොකු ක්‍රිකට් තරුව. 

" යකෝ ගෙදර යන්න පරක්කු වෙනව ඕයි ! "

" අනේ මේ ගෑනි වගේ හුචු හුචු නොගා ඉදාම්කො "

වත්සුව ශේප් එකේ මගෙ ළගට කිට්ටු කරල අනතුරු ඇගෙව්වෙ දැන්ම නොගියොත් අපි වෑන් එකේ එන්නෙ නෑ කියල ගෙදරට මාට්ටු වෙයි කියල. නිමල් අංකල්ට අපි හවස එයා එක්ක එන්නෙ නෑ කිව්වට අප්පච්චි හිතන්නෙ අපි යන්නෙ එන්නෙ වෑන් එකේ කියල. 

" හරි හරි හතරාමාරට කොටුවෙන් හලාවතට එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් තියනව අපි ඒකට සෙට් වෙමු.. පරක්කු වෙන්නෑ මංනෙ කියන්නෙ.."

" උබ මොකාට එන්න යනවද මං දන්නෑ නිශිය අරුන් දෙන්න බෑ කිව්වොත් අපි යන්නෙ නෑ එච්චරයි "

ඒක බලාපල්ලකො කියන්නෙ නම් එක බඩවැල කඩාගෙන ආවෙ නැතත් උබ මගේකා බං කියල ඒත් මට වඩා අරුන් කරන දේට එකගයිලු. යකේ පාලුව..

" උන් නමෙයි අරූ ආවොත් කූල් ස්පොට් යනව ආවෙ නැත්තන් ගෙදර යනව .."

ඌ කියපු එකට මාත් එහෙම කියල අපේ උන් එක්ක බලන් හිටියෙ කලින් අපි එක්ක කතා කරපු එකා ගිහින් අරූට මොනව හරි කියන දිහා.

" උබ මොකද්ද කරන්න යන්නෙ කියපංකො .. ඔය යකා ඉන්න තැන ෆලූඩ නමෙයි වතුර ටිකක් වත් උගුරෙන් පහළට යයිද දන්නෑ.. "

" අපිත් ඔය හිච්චි ක්‍රිකට් තරුව දැන අදුනගෙන ඉන්න එක හොදයිනෙ බං .. ආ නැද්ද තරිය.."

"අඩෝ ඇත්ත බං ඒත් හෙට ඉකෝන් සෙකන්ඩ් පාට් එක කියල මතක් වෙද්දි විකට් කුඩු බං.."

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now