38 වෙනි කඩුල්ල

115 22 7
                                    

" ආ සුදූ අද ට්‍රාන්ස්පෝට් එකක් හම්බෙලා වගේ "

බෝඩිමට හරියට කකුළ තියන්නවත් හම්බුනේ නෑ පඩිපෙළ ළඟදිම හින්ච අයියව සෙට් උනා. ඌ තමයි ආශේර් අයියගෙ බොක්කෙ ෆිට් එක කොයි වෙලේ බැලුවත් ඒකා මේ බෝඩිම අස්සෙමයි. ආශේර් අයිය අපේ කැම්පස් එකේ නමෙයි හින්ද එයාට ලොකු සෙට් එක්ක් හිටියෙ නෑ ඒත් ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට වඩා නම් පොර මාර වෙනස්. මන්දන්නෑ ඇයි කියන්න ඒත් කැම්පස් එක ඇතුලෙ උට තැනක් තිබුන. පිටට සාමාන්‍යයෙන් කාම් ඩයල් එකක් වගේ පෙනුනට ඌගෙ තිබුනෙ අමුතුම ගැම්මක්.

" ඒ අපේ අප්පච්චි ඕයි.. " 

" ටහුඩු සනා මයින්ද මාත්තය එක්කද ආවෙ .. යකෝ බයියෙක් කියල දන්නවනම් ළඟට ගන්නෙත් නෑ මොන මොනව මිසින් වෙයිද දන්නෑ..."

" අනේ මං කියන්නෑ අයියෙ... මොකෝ මේ පැත්තෙ කෑල්ල බලන්න ආවැයි.."

" නෑ සම්පූර්ණ එක බලන ආවෙ ..."

" ආ මේ බත් එකක් තියනව හදිස්සියක් නැත්නම් කාල යමං.. "

" අම්මේ බුදු මල්ලි ... හදිස්සි උනත් කමක් නෑ ගනිං ගනිං.."

මම හින්චයියත් එක්කම උඩට යන්න කලින් අශේර් අයියගෙ බෝඩිමට රිංගගත්ත. අපේ බෝඩිම තට්ටු දෙකක් උනාට උඩ තිබුනෙ මං ඉන්න එක කාමරේ විතරක් වෙනකොට පහල කාමර තුනේ කොල්ලො පස්දෙනෙක් හිටිය. 

" ආ සුද්ද මොකෝ මේ සඳළුතලෙන් පහළට වැඩල.."

" මේ පඩුපුල් ආසනේ රත් උනේ මොකද බලන්න ආව..."

අශේර් අයියගෙ කාමරේට ඉස්සරහ කාමරේ ඉන්න කාලි ටවල් එකකුත් පටලන් මූණටම මුලිච්චි වෙද්දි මම ඌගෙ ඔලුවටත් එක්ක දීල කාමරේට පැනගත්ත.

" මල්ලි ... ! "

" මෙහෙ වරෙන්කො මේක කන්න අරුන් ආවොත් අනල අත ලෙවකන්න තමා වෙන්නෙ..."

ලා නිල්පාට ටී ශර්ට් එකකට සුදුපාට ශෝටක් ඇදන් බෝතල් අඩි දෙකක් දාන් උන්න අශේර් අයිය කණ්නාඩිදෙක ගලවල මං දිහා බැලුවෙ පුදුමෙන් වගේ. මං සඳුද එනව කියලත් ගියෙ යන්න කලින්. ඒ අස්සෙන් හින්ච කෑම එක අරන් බෙරිහන් දෙන්න ගත්ත..

" උබල කාපල්ල මං ගෙදරින් කාල ආවෙ. "

" ගැම්මක් තමයි. එහෙනම් අපි කෑව ...! "

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now