17 වෙනි කඩුල්ල

232 43 14
                                    

රිසාල්ට්ස් බීෂනේ ඉවර වෙලා ඕලෙවල් එක්සෑම් සතියෙන් පස්සෙ අපි ලෑස්ති උනේ නත්තල් සීසන් එකට. යූත් එකෙන් කැරොල් කියන්න තට්ටු දෙකේ බස් එකක මීගමුවෙ ඉදන් ජා ඇල පැත්තට යමු කියල කතා වෙලා තිබුනෙ අපි ඒලෙවල් වලට යූත් එකේ වැඩ වලින් බ්‍රේක් එකක් අරන් හිටිය කාලෙ. ඊට පස්සෙ ඉස්කෝලෙ Annual carol service එකයි. Christmas party එකයි... පල්ලියෙත් මේ පාර වැඩ වලින් භාගෙට භාගයක් දීල තිබුනෙ යූත් එකට.. 

අපේ හන්දියෙයි පල්ලියෙයි ගවලෙන් දෙකක් ගහන්න තියනව.. ඕව ඔක්කොම කරල ගෙදර ආවම අම්මගෙන් කනක් ඇහිල ඉන්න නෑ ගෙදර වැඩකට උදව් වෙන්නෙ නෑ කියල. කොහොමත් ගෙදර නත්තල් ගහයි ගවලෙනයි හැමපාරම වේලපහින් හදනව කියල හිතාන හිටියට ඒක හදන්නෙ විසිහතර වෙනිද... රෑ පල්ලි යනවෙලාව වෙනකල් වැඩ ඉතිං...

මාශියි මායි වත්සුවයි උන්නෙ හන්දියෙ ගවලෙන ගහන තැන.. ඊයෙ දවසම ඔට්ටු වෙලා අද පාන්දර ගෙදර ගිහින් ආයෙම ආවෙ මාශිත් එක්ක වැඩ කරන උන්ට කෑම අරන්... 

" සුදු අයියෙ පිදුරු මදි වෙනවනෙ ඕයි..." 

මේ පාර ඕලෙවල් කරපු සෙට් එක බැහැලම හන්දියෙ වැඩේ කරද්දි අපි උන්ට පොඩි සයිඩ් සපෝට් එකක් විතරයි දෙන්න ඕනි උනේ.. හමේ පාට හින්දම යූත් එකේ හැමෝම මට සුදු අයිය කියද්දි වත්සුව යූත් එකේදි වස්තු අයිය උනා..

" ඇයි දැන් වහලෙටයි කණු ටිකට ඔතන්නයි විතරනෙ අපිට යන්නෙ ඔය ටිකෙන් ශේප් කරගන්න බැයිද..."

" හැබැයි නිශිය පිටිපස්ස කවර් කරන්න ටිකක් වැඩිපුර යයි..."

" අපි පිටිපස්ස ගෝනියකින් වැහුවොත් මොකද... "

 " ආ ඔව් මැටි ගාල නේ.. එහෙනම් බඩාගෙ කඩෙන් ගෝනි ටිකක් ගමු.."

" හරි හරි එන්න කාල ඉමු අව්ව ටිකක් අඩු උනාම උඩ ටිකහදන්න පුලුවන්.. "

අම්මගෙ බලේටම ගෙදරින් කාල ආව හින්ද මමයි වත්සුවයි ගිහින් බඩාගෙ කඩෙන් ගෝනි ඉල්ලන් ඇවිත් මුන්ට දුන්න... මාශිට හවස ගීතිකා ප්‍රැක්ටිස් කිව්ව හින්ද එයාවත් දාගෙන පල්ලියට ආවෙ එතන වැඩ ටික බලන්න..

" ඒ මල්ලි ඔය ඩෙස්ක් ටික නිකං තියල බෑ ගැටගහන්න වෙනව... යකෝ ෆාද ඕකට නගිද්දි කඩන් වැටුනොත් එහෙම.."

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now