Hiranya's pov. (වර්තමානය)
" එතකොට දැන් උබ කියන්නෙ උබට මාව මතක නෑ.. එහෙමද? "
" ඔව්... "
" යකෝ තෝ මාර බඩුවක්නෙ .. හොඳට බලපං මේ මාව මතක නැද්ද පගෝ.. "
" ඔය ළමයට වදදෙන්න එපා සුදූ... "
" අනේ ඔයාට තේරෙන්නෑ අයියෙ මගෙ වේදනාව... "
රුහිරු අයියත් මාව කොහාට ගෙනත් අතෑරියද මන්ද... උදෙන්ම ගමනක් යන්න තියනව කියල ගෞරව්වත් කාන්තිට බාරදීල රුහිරු අයිය මාව එක්කගෙන ආවෙ ගල්කිස්සෙන් ටිකක් ඇතුළට වෙන්න තිබුන ගෙදරකට...
එදා මට හොස්පිටල් එකේදි හම්බෙලා මං උගෙ සහෝදරය කිව්ව ඩොක්ට එක්ක එහෙ තව කොල්ලෙක් උන්න... මට කිව්ව විදිහට ඒ ඉන්නෙ වත්සුනු කිව්ව කොල්ලගෙ බෝයිෆ්රෙන්ඩ්.
රුහිරු අයිය මාව එහෙන් දාල කාවද මන්ද එක්කන් එන්නම් කියල ගිය වෙලේ ඉදන් අර යකා ඌව මට මතක නෑ කියන්න කියන්න මාව කන්න හැදුව...
" නිශිය මේ අහපං ... අපි විතරක් නමෙයි උබත් ඉන්නෙ ඩවුට් එකක කියල මට තේරෙනව ... උබව එක්කන් එන්න කිව්වෙ පොඩි වැඩකට දැන් උබ කලබල වෙන්න එපා හරිද...
මේකයි සීන් එක ... මේ ප්රගීත් අයිය සීනිය' ඩොක්ට කෙනෙක් උබේ ජීවිතේ ගැන බයවෙන්න එපා උබට තියෙන්නෙ මං අද උදේ හැදුව කේක් කෑල්ලක් කාල හොඳයිද කියල කියන්න හරිද..."
මං අහල තියනව සමහර මිනිස්සුන්ට ඉගෙනගෙන වැඩි උනහම පිස්සු හැදෙනව කියල.. දැන් මගෙ ඉස්සරහ ඉන්නෙත් එහෙම මනුස්සයෙක්ද කියලත් මට සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙන්නෙ කේක් කෑල්ලක් කන්න දෙන්න මූ ගහපු බයිල ඇහුවට පස්සෙ... මූ ඔපරේශන් එකකට කලින් පේශන්ට්ගෙ කැමැත්ත ගන්නව වගේ මට වහ එකක්වත් දෙන්න කලින් වෝනිං එකක් දුන්නද දන්නෙත් නෑ.. අන්තිමට ඌ කියයි කන්න කලින් මං මූව දැනුවත් කරා කියල...
" ටඩා... ආ කන්න.. "
මූ මාව මරන්නම තමා හදන්නෙ... ප්ලේට් එකක කේක් කියල මූ තියාගෙන ආවෙ අටකජු වැඩිවෙලා රෙසිපි අවුල් උන අලුව කෑලි වගයක්ද කොහෙද ... පැණිකජු කෑලි ලොකුවට කපල වගෙත් පෙනුන..
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚