ගෞරව් මාවත් ඇදගෙන පබ් එකෙන් එළියට ඇවිත් පිටිපස්සෙ කවුරුත් නැති හරියකට අරන් ගියා.. එයා අල්ලන් ඉන්න විදිහෙන් කියන්න පුලුවන් එයා ඉන්නෙ කේන්තියෙන් කියල. ඒත් ඇයි කේන්ති ගන්න ඕනි මම නමෙයිද... එයා හැසිරුන විදියට බලාපොරොත්තුවක් තියාගත්ත මමද වැරදි...
" චූටි අයියෙ... ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ..."
මගෙ අල්ලන් ආව අත අත්නොහැරම මගෙන් මොකද්ද වෙලා තියෙන්නෙ කියල අහනව... මට තවත් වෙන්න දෙයක්නෑ..
" ගෞරව් මගෙ අත අතාරින්න ... ඔයා මට රිද්දනව..."
" නෝ... Tell me what's wrong with you..."
" මට මුකුත් වෙලා නෑ අනේ මට යන්න දෙන්න..."
" මුකුත් නැත්නම් ඇයි ඔහොම ඉන්නෙ... වෙනද ඔයා මට ඔහොම කරන්නෑ.. "
" මම ඔයාට කොහොමද කරේ ගෞරව් ... ඔයානෙ කරන්න පුලුවන් සේරම කලේ... "
" මං ..? මං මොකද කලේ.. ?"
" කවුද අර ඇවිත් ඉන්නෙ... සැන්ඩ්‍රි කියන්නෙ ඔයාගෙ කවුද...? "
" She ' s ... she's... I think she' s someone like my fiancé "
" what do you mean by someone like ?? Is she your fu*king fiance or not.. "
" Yeah she is.. "
තාමත් මගෙ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියනව මේක බොරුවක් වෙන්නැති කියල.. ඒත් ගෞරව් කවදාවත් විහිළු කරන මනුස්සයෙක් නමෙයි... විශේසෙන් මේ වගේ දේකදි එයා විහිළුවක් බොරුවක් කියයි කියල මං හිතන්නෑ....ඒ කියන්නෙ මම දැන් මේ හැමදේටම සමුදෙන්න ඕනිද?
මම ගෞරව්ව දැකල අවුරුදු ගානක් උනත් මේ ළඟින් ආශ්‍රේ කරපු ටික කාලෙට මම සෑහෙන්න එයාට ආදරේ කරල කියල මට තේරෙන්නෙ දැන්.. ඒ එයාව අයිති මට නමෙයි වෙන කෙනෙකුට කියල දැනගත්ත වෙලේ ඒකත් එයාගෙ කටින්ම... අයිතිකරගන්නම ඕනිද ආදරේ කරන්න ඒ බම්බු මට වැඩක් නෑ මගෙ පපුව රිදෙනව...
තාමත් මගෙ අත එයා අතෑරල නැති තැන මම අන්තිම වතාවට එයාගෙ ඇස් දිහා අයෙ බැලුව.. මගෙ ඇස් වල බැදිල තිබුන කදුළු පටලය නිසාම වෙන්නැති මට ඒ රූපෙ පෙනුනෙ බොඳවෙලා...
" චූටි අයියෙ... අනේ please tell me what's going on.. ? "
ගෞරව් බය වෙලා සමහරවිට මගෙ කදුළු දැකල වෙන්නැති... එයා හැසිරෙන්නෙ මගෙ හිතේ තියන දේ එකපාරක්වත් එයාට දැනිල නෑ වගේ.. සමහරවිට එයාට ඇත්තටම එහෙම දෙයක් දැනෙන්න නැතුවැති...
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚