හතරවෙනි කඩුල්ල

300 52 7
                                    

දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ කාලෙ ගෙවිල ගිහින් අපි ඒලෙවල් ලියන දවසත් ආව. හිතට එකගව මේ අවුරුදු තුන නම් සුපිරිම කට්ටක් අපි සෙට් එක කෑව මේක ගොඩදාන්න.. හැබැයි එහෙමයි කියල අපි අනික් දේවල් නොකර හිටියෙත් නෑ. 

ක්‍රිකට් ගැහුව ඒක නැවැත්තුවෙ බොහොම මෑතකදි. ඉස්කෝලෙ තිබුන බාහිර වැඩ . Days කරා .. ස්පෝට්ස්මීට් ,ටූනමන්ට්ස් ,ෆීස්ට්ස් ඔක්කොම කරා.

 " ජේසු පිහිටයි මගෙ මැණිකට හොදට විභාගෙ ලියන්න ඕනි හොදද..."

ඒලෙවල් පටන් ගත්ත පළවෙනි දවසෙම එකේ ඉදන් තුන වෙනකල් බයෝ පළවෙනි පේපරේ. අප්පච්චිටයි අම්මටයි වැදල එළියට බැස්සෙ ඉස්කෝලෙ ළග හෝල්ට් එකට යන්න. එතනට තමයි අපිව කොළඹට එක්කන් යන වෑන් එකේ අංකල් එන්න කියල තිබුනෙ. නිමල් අංකල් කියන්නෙ අපේ බයෝ ක්ලාස් එකේම කෙල්ලෙක්ගෙ තාත්ත කෙනෙක්. ඒක හින්ද අපිට විභාග තියන හැමදවසකම කොළඹ යන්න එයාලගෙ වෑන් එක සෙට් කරගත්ත.

දොළහ වගේ වෙද්දි අපි ගිහින් ඉස්කෝලෙ ළගින් බැහැගත්ත. එතනට ගියාට පස්සෙ තමයි ආයෙමත් අවුරුදු තුනක් ආපස්සට යැව්නෙ. එදා වගේම නිල් පාට බෝඩ් එකේ ගෝල්ඩ් පාටින් ' ඉස්කෝලෙ නම ගහල තිබුන... එකේ කිසිම වෙනසක් වෙලා තිබුනෙ නැහැ. දැන්ම හෝල් එකට යන්නත් බැරි නිසා අපි ඉස්කෝලෙ ගේට් එකෙන් ඇතුළට ගියා.

" නිශිත අපි චැපල් එකට ගිහින් එමුද හැමෝම එක්ක.."

සම්මානි කිව්වෙ අපිට පැයකට කිට්ටු කාලයක් තිබුන නිසා වෙන්නැති. කොහොමත් ඕලෙවල් ලියන්න කලින් නම් අනිවාරෙන් උදේ පූජාව තියල තමයි අපිව හෝල් එකට යැව්වෙ. දැන් නම් වෙලාවල් වෙනස් නිසා ඒක ගැන අදහසක් අපි කාටවත් තිබුනෙ නෑ. හැබැයි ඉතිං උදේ අටට දැනුත් පූජාවක් තියනව ඇති. අපිට මේ ටිකේම පේපර්ස් වැටිල තියෙන්නෙ දවල් එක.

ඉස්කෝලෙට ඇතුල් වෙද්දිම තියන බිල්ඩින් එකේ ලොකුවට ස්කූල් බැජ් එක ගහල තිබුන. එතනම චැපල් එක ඊටත් එහාට වෙන්න ලූර්දු ගුහාව. කොහොමත් මං ගිහින් තියන ඉස්කෝල වලින් ලස්සනම ඉස්කෝලයක් ඒක. ඉස්සරහ තියන වතුර මල .. ඒත් එක්කම බිල්ඩින් එකට ඇතුල්වෙන තැන තියන සුරුවම. හැමදෙයක්ම හරිම ලස්සනට අදාල තැන පිලිවෙලට තිබුන.

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now