37 වෙනි කඩුල්ල

116 29 10
                                    

" ආහ්හ්.. ආහ්හ්හ් ඉන්න ! චූ චූටි අයියෙ කොන්ද කොන්ද ඔය... ආහ්හ්... "

" ශ්ශ්ශ්!!! ගෞරව් කෑ ගහන්න එපා මැට්ටො පොඩ්ඩක් ඉවසන් ඉන්නවකො... හරි හරි නැග්ග... නැග්ග.. තව ටික- "

" ඔහොම ඉන්න ඒ විදියට ඉද්දි අමාරුයි... ආහ් "

" ඔන්න කෑ ගහන්න එපා අප්පච්චිට ඇහුනොත් ඔක්කොම විනාසයි..."

" හරි හරි මෙතන්ට එන්නකො... එච්චර දුරට ඇහෙනවයැ...ආ දැන් හරි යයි.. කෝ මගෙ උරහිසෙන් අල්ලගන්න ... ආ.. හරි "

" තව ටිකයි... ආයි ආයි කකුල කකුල... ඕයි ඉන්න ඉන්න... ආ... අම්මෝ උළුක් උනාද මන්ද... "

" මේක හරියන්නෑ... වෙන විදිහක් බලමු... මොකද්ද චූටි අයියෙ..."

" මොකද්ද හූචි අයියෙ කියන්නෙ .. මහලොකු ක්‍රිකට් ස්ටාර් නේද මාව ඇතුළට දාන්න බෑ... "

" ඔහොම ඉන්න කා එක අරන් එන්නම් ඒකට නැඟල පැනගන්න පුලුවන් වෙයි..."

ගෞරව්ටත් යන්න කියල ගෙදර ආවට මොකද මම එනකොට අප්පච්ච ගේට් එකට ඉබ්බත් දාල ලොක් කරල. ආපහු පාර ළඟට ගිහින් බලද්දි ගෞරව් කා එක ස්ටාට් කරලවත් නෑ. ආයෙත් ගිහින් එයාවත් එක්කන් ඇවිත් උඩින් පයින්න ෆුල් ට්‍රයි එක දුන්නට වැස්සත් එක්ක වැඩේ අමාරු උනා.

" චූටි අයියෙ එන්න මේ හරියෙන් ලේසි වෙයි "

ගෞරව් කා එක ගේට් එකට ටිකක් එහාට වෙන්න තිබුන තාප්පෙ ළඟින් නතර කරල මට නගින්න කිව්ව. ඒකට නැග්ගම නම් ගෙදර හොදටම පේනව ලයිට් ඔක්කොම ඕෆ් කරල කියන්නෙ අම්මල නිදාගන්න ඇති. 

" එහෙනම් කොල්ලො අපි ගියා..  පරිස්සමෙන් හිමින් ගිහින් කෝල් එකක් දෙන්න..."

තාප්පෙ උඩට නැගල ගෞරව්ටත් යන්න කියල වත්තට පැන්නට දැන් ආයෙ ගේ ඇතුළට යන්න ගේමක් දෙන්න වෙනව. ඉස්සරහ දොර කොහොමත් ලොක් කරල කියල දන්න නිසා මම වටෙන් ගිහින් එළියෙ කුස්සිය ළගින් පිටිපස්සෙ දොර ළඟට ගිහින් ටිකක් හයියෙන් තල්ලුවක් දාපු ගමන් ඇරුන. ඒත් එහෙම වෙන්න බෑ සමහරවිට දැන් මෙතනින් ඇතුළට යද්දි අප්පච්චි මං එනකල් බලන් ඉන්නවද දන්නෑ.. එහෙම උනොත් කොටියගෙ කටට පැන්න වගේ .. තව ටිකක් මෙහෙම ඉන්නව.. 

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now