" මොකද්ද කතා කරන්න තියනව කිව්වෙ ..."
මමත් හරිබරි ගැහිල උගෙ ඉස්සරහ තිබුන පුටුවෙන් ඉදගත්ත.
" එදා පාටි එකේදි සිහියෙන් ද හිටියෙ?.."
පුදපු ගමන් කාපි යකා කිව්වලු. ඔහොමත් අහනවද මං අහන්නෙ. දැන් මම මේකට මොකද්ද කියන්න ඕනි. සිහියෙන් හිටියෙ කිව්වොත් කරපු දේට වගකීම භාරගන්න වෙනව. සිහියෙන් නමෙයි කිව්වොත් කොහොමද මතක කියල අහයිද? ඔන්නොහෙ ඕන එකක්..
" ආහ්.. ඒක .. ඒක වැඩිය හිතන්න එපා.. මම බීල හිටියෙ ඉතිං. ..ඒ.."
" ඒත් මම හොද සිහියෙන් හිටියෙ.. "
අනේ හෝතබුවො ඒකට මම මොනා කරන්නද.. කාපු කොත්තුවත් උගුරට ආව වගේ. වටේ යාමක් නෑ මූ කෙලින්ම කතාව. මම බලන් හිටියෙ උගෙ යටි තොලට යටින් තිබුන මෝල් එකදිහා. එදා මේක තිබුනද මතක නෑනෙ.
" Are you listening ... "
" ආහ් ..ම්.. "
සෑ නිශිත මොනවද උබ කරන්නෙ . ඔය කොල්ලගෙ මූණ ඉන්වෙස්ටිගේට් නොකර ඉදපං.
" එනිවේ.. මට කියන්න තියෙන්නෙත් ඔයා කලින් කියපු දේම තමයි. ඩෝන්ට් තින්ක් ටූමච්.. කෙටියෙන්ම කියනව නම් එදා උනදේ අපි අමතක කරමු.."
" අනේ මේ තමුසෙ හිතන් ඉන්නෙ මම මේ ඒක ගැන හිත හිත මනෝ ගහනව කියලද.. උබ දැන් මතක් කරනකල් මට ඒක මතක් උනෙත් නෑ.."
" ඔකේ ගුඩ් .. "
මෙච්චර වෙලාම කෑම මේසෙ උඩ තිබුන බයික් එකේ යතුරත් අරන් යනව කියන්නෙත් නැතුවම ඌ යන්න ගියා. ඒත් ඒ යනකොට අරන් ගියෙ බයික් එකේ යතුර විතරක්ම නමෙයි... මගෙ හිතේ සැනසීම.. සමහර විට මගෙ හිතම ඒ යනකොට ඌ අරන් ගියා. මම බලන් හිටියෙ ඉස්සරහ දොර දිහා. බයික් එකේ සද්දෙ ඇහෙන්නෙ නැතුවම ගියත් මම බලන් හිටිය ආයෙ ඇවිත් මීට ටිකකට කලින් කිව්වට වඩා වෙනස් දෙයක් ගෞරව් මට කියල යයි කියල.
ශික් මූගෙ කොත්තුව කෑව හින්දනෙ මේ සේරම ගෑස්ට්‍රික් වැඩි උනාද මන්ද.. මම අන්තිමට ගෞරව්ට කිව්වදේ මතක්වෙලා මටම හිනාවක් ගියා. ඇත්තම කිව්වොත් ඒකෙ අනිත් පැත්තයි වෙලා තිබුනෙ.
එතකොට මගෙ හිතේ ඌ ගැන කැමැත්තකට එහා දෙයක් තිබුනද..? මං ආයෙත් කල්පනා කලා ඒත් මට හිතාගන්න බෑ මට හිතන්න ඕනිත් නෑ.. මට හිතාගන්න බැරි මම මේක මෙතනින් අතෑරල දාන්න ඕනිද එහෙමත් නැත්නම් තවදුරටත් බලන් ඉන්න ඕනිද කියල.. සමහරවිට හෙට උදේ නැගිටිනකොට මේ හැමදේම අමතකවෙලා තියෙයි.
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚