" ගුඩ් මෝනිං සර්.. පේශන්ගෙ තුවාලයක් තියනව නේද... අපි ඩ්‍රසින් රූම් එක ළඟට යමු.. පොඩි මිස් මේ පේශන්ව ගන්න .. "
අපි හිටියෙ කොළඹ ප්‍රසිද්ධ හොස්පිටල් එකක G floor එකේ. ගෞරව්ගෙ ඩොක්ට උනේ කොළඹ ජෙනරල් එකේ චර්ම රෝග විශේෂඥයා, ඩොක්ටර් අතුල අර්තනායක. සෙනසුරාද හින්ද අපොයිමන්ට් එක තිබුනෙ උදේ නවයහමාරට උනාට උදේ පහමාරෙ ඉදන් ගෞරව්ව ලෑස්ති කරග්න්න ඔට්ටු උනා. බෙහෙත් දාපුව අයින් කරල ඇග සේදෙව්වෙ ඊයෙ නාපු හින්ද නැත්නම් චැනල් එකට යන්න කලින් නාගෙන තමයිලු යන්නෙ.. රුහිරු අයිය එනව කීව නිසා සෝමෙව එක්කන් ආවෙ නැතත් හොස්පිටල් යනව කිව්ව වෙලාවෙ ඉදන් තිබුන පිස්සුව හොස්පිටල් ගේට් එකෙන් ඇතුලුනාට පස්සෙ තවත් වැඩි උනා..
ගෞරව්ගෙ නම්බර් එක කතා කරන්න කලින් එයාගෙ බැන්ඩේජ් එක ගලවල තුවාලෙ නිරාවරණය කරල තිබුන. කොච්චර සුද්දකරන්න හැදුවත් ගෞරව් ඒක හරියට අල්ල්න්නවත් නොදෙන හින්ද ගෙදරදි තුවාලෙ එක්ක ඔට්ටු වෙන එක අමාරු වැඩ්ක් උනා.
" ආ පොඩි මෑන්.. කොහොමද දැන්.. ?"
ඩොක්ට'ට නම් ගෞරව් ව හොදට හුරුයි වගේ.. චැනල් රූම් එකේ තිබුන ඇදට දාල එයා තුවාලෙ හොදට පරික්ෂා කලා.. ඒත් ගෞරව් නමෙයි අහපු එක දේකටවත් ප්රතිචාරය්ක් දුන්නෙ.
" මිස් පේශන්ට ඩ්‍රසින් එකක් දාන්න එක්කන් යන්න.. "
එතන උන්න පොඩි නර්ස් ට චිට් එකක් දීල ගෞරව් ව එයා එක්ක යවද්දි මං නම් හිතුවෙ මොකක් හරි අඩව්වක් අල්ලයි කියල උනත් ගෞරව් එයාගෙ පාඩුවෙ ගියා.
" හොඳයි.. මම කලින් කිව්ව දේ ගැන ඩිසිශන් එකක් ගත්තද මිස්ට රුහිරු.. "
ඇස් දෙකට දාගෙන උන්න කණ්නාඩි කුට්ටම අතට අරන් රුහිරු අයිය දිහාට ගැඹුරු බැල්මක් දීල අවුරුදු පනහක් පනස් ඵක් විතර උන ඩොක්ට ඇහුවෙ මං හිතන්නෙ කලින් එයාල කතාකරපු දෙය්ක් ගැන.
" වෙන කිසිම ඔප්ශන් එකක් නැද්ද සර්.. "
" මේකයි පුතා ඔයාල අබ්‍රෝඩ් ගිහින් හිටන් මේකට ට්‍රීට්මන්ට්ස් කලාට හරිගියෙ නෑනෙ දැන් තුවාලෙ පුස් බැදීගෙනත් එනව .. කොච්චර ක්ලීන් කරත් එන්න එන්නම ගඳ එහෙම වැඩි වෙනව ඒක පේශන්ට තවත් මානසික වදයක්.. "
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚