21 වෙනි කඩුල්ල

176 39 16
                                    

"හෙලෝ නිශිය උබ ගෙදරද... ? "

" ඔව් ඇයි... "

" මේ හෙට ප්‍රගීත් අයියල එක්ක එක්සිබිශන් එකට යමු නේද... උබ හරියට වචනයක් දුන්නෙ නෑ කිව්ව.. "

" ආ හරි හරි ... අප්පච්චිත් ගිහින් එන්න කිව්ව... "

" එහෙනම් උදේ ලෑස්ති වෙලා ඉදපං ඈ .. "

ගෞරව් ගැන කල්පනා කර කර උන්න මම වත්සුවගෙ කෝල් එකත් අන්සර් කරල වැඩිය කියවන්නෙ නැතුව කට් කලේ ඔලුව අවුල් වෙලා තිබුන නිසා... මට අද වෙනකල් තිබුනෙ මං ගැන දුකක් ඒත් මොකක් හරි හේතුවක් නිසා මම ආදරේ කරපු පොඩි කොල්ල යන්නෙ වැරදි පාරක කියල දැනගත්තට පස්සෙත් මම නිකං ඉන්න එක හරිද... මේකා ආයෙම අර කෙල්ල ළඟට යයිද...   

" සුදූ... "

" ඇයි අම්ම... එන්න... "

අම්ම ඇවිත් ඇදේ ඇකිලිලා තිබුන ශීට් ටිකත් හදල මං ළඟින් ඉදගත්ත.. 

" සුදූ ... අම්මත් එක්ක කතා කරන්න බැරි ප්‍රශ්නෙකද ඉන්නෙ..? "

" එහෙම දෙයක් නමෙයි අම්ම... "

" මට කියන්න බැරි නම් අප්පච්චි එක්ක හරි කියන්න හිතේ තියන් හිටිය කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ... ඊයෙ රෑ හදපු පුඩිං එක කාලත් නෑනෙ..."

" ඔය කොහෙද යන්නෙ.... "

" පුඩිං එක අරන් එන්නම්... "

" ඒක ෆ්‍රිජ් එකට දාලත් නෑ නරක් වේගන ඇවිත් තිබිල අන්න හවස මම විසි කරා... "

" අයියෝ...ඇයි විසිකරේ  "

" දැන් ඒකද ප්‍රශ්නෙ... "

" ම්ම්හූ...අම්ම... මම කවදහරි ලේලියෙක් ගෙනාවෙ නැති උනොත් අම්මටයි අප්පච්චිටයි දුක හිතෙයිද... ? "

" ඒක ඉතිං එහෙමයි කියන්න බෑ ... සුදූගෙ ජීවිතේ කසාද බදිනවද නැද්ද කියල තීරණේ කරන්න ඕනි සුදූ ඒත් අම්ම අප්පච්චිට දුකක් දීල කිසිම දෙයක් කරන්න එපා එහෙම දෙයක් කවදාවත් හරියන්නෙ නෑ... "

අම්ම ඒක කිව්වෙ කාමරේ ජනේලෙන් ඈත බලාගෙන.. සමහරවිට එයා ඒක කිව්වෙ තාත්ත ගැන හිතල වෙන්නැති... අම්ම තාත්ත එක්ක ඇවිත් තිබුනෙ ගෙදර අයට විරුද්ධ වෙලා... ලොකු අම්ම නැතිවෙන්න ඔන්න මෙන්න කියල තමයි මම එයාව අදුරගත්තෙත්... ඉස්සර අම්ම තාත්තගෙන් ගුටිකාල පුංචිට කෝල් කරල අඩ අඩ දුක කියද්දි කියන්නෙත් අම්ම අප්පච්චිගෙ කීමට විරුද්ධ උන එකේ ඵල තමයි නංගි මං විදින්නෙ කියල ..

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now