" නිශිත අයියෙ දැන්ම යන්නෙ නෑ නේද... ? "
" නෑ නෑ ඉවර වෙනකල් ඉන්නව ... මම අම්මලව පොඩ්ඩක් බල්ල එන්නම්.. "
" ආ හරි ස්ටාෆ් රූම් එක ළඟට එන්න... "
අපේ කැරොල්ස් ටික ඉවර වෙලා මම චැපල් එකෙන් එළියට ආවෙ අම්මලව හොයන්න.. පටන් ගන්න ඔන්න මෙන්න කියල කෝල් කරද්දිත් මඟ එනගමන් කියල කියපු නිසා ඉන්න තැනක්වත් හරියට බලාගන්න බැරි උනා...
" හෙලෝ අම්ම... හෙලෝ..."
...
" අම්ම ඇහෙනවද... ? "
වෙස්ටන් බෑන්ඩ් පෆෝමන්ස් එකේ සද්දෙත් එක්ක කෝල් කරත් වැඩක් නොවුන තැන මම ගියෙ වත්සුවව බලන්න... උන්ගෙ අම්මල එක්කම ඇති බොහෝ දුරට...
" ආ... නිශිය මම මේ උබව තමයි හෙව්වෙ... උබලෑ අම්මල වයිට් හට් එකේ ඉස්සරහ ඉන්නව අපේ අම්මල එක්ක... කෝ කියල ඇහුව මගෙන්..."
" ආ හරි මං බලල එන්නම්ම්... "
අම්මවයි අප්පච්චිවයි හම්බෙලා... කැරොල් ඉවර වෙලා මාව බලන් නැතුව යන්න කියල මම ආවෙ ගෲප් ෆොටෝස් ගන්න තැනට.. වත්සුව නම් දැනටමත් ෆොටෝස් අරන් ඉවරද කොහෙද ...
" අයියෙ එන්න ඔයා තමයි අඩුවට හිටියෙ .. "
මීඩියා යුනිට් එකේ උන්න බට්ටෙක් මටත් එන්න කියල ගෲප් ෆොටෝස් ගත්ත.. එතකොට තමයි මම දැක්කෙ ප්රගීත් අයියත් එක්ක අෂේර් අයියයි වත්සුවයි ඉන්නව...
" ආ මෙන්න මෙයත් ඇවිල්ල... "
" මේ උබල කැම්පස් එන්න කලින්ම සීනියර්ස්ලව අල්ලගෙන නේද .. "
" නැතුව බෑනෙ නැද්ද මචං... ඒක නමෙයි after party එකටත් එනව නේ... දැන් යාලුවෙකුත් හම්බුනානෙ... "
" ඔව් ඔව් මූ අද අපේ දිහා ඉදියි... රෑ ආයෙ කොළඹ යන්න බෑනෙ.."
" අයියල දෙන්න එහෙනම් ඔහොම ඉන්න තව අපේ උන් ටිකක් එනව කිව්ව අපි උන්ව එකතු කරන් එන්නම්..."
පිටිපස්සට වෙන්න කොල්ලො සෙට් එකක් එක්ක අරුන් ටිකත් බෙන්ච් එකක ඉදන් උන්නෙ අපි එනකල්ම බලන් ඉන්නව වගේ..
ගෞරව්, අංජනයි, ලොක්කයි, සුලක්ශනයි, සහනුයි , තවත් කෙල්ලො දෙන්නෙක් හිටිය.. මුන් හැමදාම ගෑනු පරානයක් උස්සන් එනව... ඒත් ඩියාන නම් හිටියෙ නෑ..
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚