33 වෙනි කඩුල්ල

173 28 7
                                    

" පොඩී come here I wanna talk with you..."

ජිම් ගිහින් ඇවිත් වොශ් එකක් දාල එළියට ආව මාත් එක්ක මම්ම කතා කරන්න ඕනි කිව්ව... අම්මගෙ අක්ක උනාට මම්ම කියන්නෙ අපේම ගෙදර කෙනෙක් වගේ මැරි කරලත් නැති හින්ද එයාට කියල උන්නෙ අපි වෙද්දි එයා අම්ම අසනීප උන දවස් වල ඉදන් හැම දේකටම අපි එක්ක හිටිය...

" එදා ආපු බෝයි කවුද පොඩී... "

මං හිතන්නෙ මම්ම ඒක අහන්නෙ හැමදේම දැනගෙන වෙන්න ඕනි.. කාට හැංගුවත් මම්මගෙන් දෙයක් හංගනව කියන එක අමාරු දෙයක්... 

" පොඩී... දැන්ම මාත් එක්ක කියන්න අකමැතිනම් that's fine.."

" එහෙම දෙයක් නමෙයි... but I don't want anyone to judge him..."

" ඒ කියන්නෙ ඔයාට ඕනි හැමදාම ඒ දේ හංගන් ඉන්නද .... ? "

" No.. මට ඕනි හැමදේම හරිගස්සල මේ දේවල් කියන්න... "

" පොඩී.... ඔයා හිතනවද ඔයාට රණවක එක්ක fight කරන්න පුලුවන් කියල ... මං දන්නව ඔයා එදා එක්කන් ආව බෝයි එක්ක affair එකක් තියනව කියල and I don't mind... but පොඩී මං හිතන්නෙ ඔයා සැන්ඩ්‍රිව රිජෙක්ට් කරන්න ඉක්මන් උනා වැඩී... මොකද ඉස්සරහට ඔයාට ඔය හේතුවම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. විශේෂයෙන්ම ඔයාගෙ career එකට ..."

" මම්ම හිතනවද මගෙ career එක වෙනුවෙන් මම එයාව අතාරී කියල... "

" No never... මං දන්නව ඔයා එදා සැන්ඩ්‍රිට කිව්ව දේවල් එයා මා එක්ක කීව... ඒ එයාට ඔයාව ලබාගන්න උවමනාවකින් නමෙයි පොඩී ඒත් රණවක කියන්නෙ ලේසි පහසු මිනිහෙක් නමෙයි... මට බයයි පොඩී..."

මම්ම කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන් ...දැනට මගෙ රිලේශන්ශිප්ස් ලව් ලයිෆ් එක ගැන මීඩියා වලින් ප්‍රශ්න නොකෙරුවත් ඉස්සරහට ඒක මං අනිවාරෙන් මුහුණ දෙන්න වෙන දෙයක් ඒත් සැන්ඩ්‍රි බොරුවටවත් මගෙ කවුරුත් කියල කියන්න මං කැමති නෑ... 

" මම්ම don't think too much ... මම මේ දේවල් බලාගන්නම්... මං දන්නව රණවක අංකල්ව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද කියල..."

" පොඩී ඔයාට ඕනම වෙලාවක මාත් එක්ක කතාකරන්න පුලුවන්... මං තාත්ත එක්ක මේ දේවල් කියන්නෙ නෑ කියල ඔයා දන්නවනෙ... "

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now