හයවෙනි කඩුල්ල

262 45 7
                                    

"අඩෝ නිශිය කහ පාට.."

අනේ වත්සුවගෙත් බොරු මරිසිය නම් තියනව. දැන් බලමුකො හෝතබුව අච්චාරුව බුදින හැටි. 

" අඩේ මල්ලි සෝ සොරි මචං ... අයියෝ මට ඖල් ඕයි !"

" අම්මෝ.. හහ් .හහ්.. ගෞරව් .. අඩෝ අයියෙ උබ දන්නවද මෙතන හොදම සීන් එක මොකද්ද කියල.. ඔය කෑම එකේ වට්ටෝරුව හැදුවෙත් මෙන්න මූම තමයි... හහ් හා .. දැන් කාපංකො .."

" මේ චිට් එක ගත්තෙ උබනෙ මේක කාපං.. "

" කන්න නම් තිබ්බ මල්ලි ඒත් මේ අයියට පීනට්ස් ඇලජික්නෙ.. ඒක නිසා ඔයාට තමයි කන්න වෙන්නෙ.."

" ඒක උබ කලින් කිව්වෙ නෑනෙ .. ඉට්ස් නොට් ෆෙයා.. ලොක්ක වට් ඩූ යූ සේ.."

" අනේ මචං ඕක කාපං .. "

" නෝ වේ මගෙ බල්ලවත් මේක කන්නෑ.. "

මේක නම් මහ හිතුවක්කාරයෙක් ඉදපංකො මම මේක උබට කවලමයි පස්ස බලන්නෙ.. හැටි විතරක් ගෙවලය වගේ බුම්මගෙන ඉන්නව හැමවෙලේම..

" මල්ලි ඕක කාපං බං අපි දැන් යන්නත් ඕනි දැන් උබටත් කොහෙද යන්න තියනව කිව්ව නේද...?

" නෑ නෑ මචං  .. ඉදපංකො මං කන්නම් ඊට පස්සෙ හුස්ම ගන්න් බැරි උනාම මාව ඔහොම්ම හොස්පිටල් එකට එක්කන් යමන්. හෙට බයෝ සකන්ඩ් එක ලියාගන්න බැරි වෙයි කියල මං මේක නොකා උන්නෙ.. ඒත් මූ වගේ කිසිම හිතක් පපුවක් නැති.... . ඕයි ඒ.. !!! පොඩි එකෝ..!"

" ආ යූ හැපී නව්..! අංජන මං යනව.."

" ඒ .. ඒහ් ගෞරව්.. ආ යූ ඕකේ මචං .. "

හැමදේම වෙන්න ගියෙ තප්පර ගානයි. ශිට් මම ඕවර් ගියාද.. නෑ අපි ඕවර් ගියාද..? ඇත්තටම මට ඕනි දේ උනා ඒත් අර වෙනදට මෙහෙම දෙයක් උනාම දැනෙන සැටිස්ෆැක්ෂන් ෆීලින් එක මට දැනුනෙ නෑ. අනික ඌට අවුල් ගියාද මන්ද .. ශිට්!

මම කියවගෙන ගිය එක නතර කරන්නත් කලින් අර බෝල් එකේ දියවෙලා තිබුන ලබ්බ අරූ බීගෙන ගිහින් උබට දැන් සතුටුයිද කියල අහල අංජනට යනව කියාගෙන උගෙ ස්පෝට්ස් බෑග් එකත් එල්ලන් එතනින් යන්න ගියා. 

" මල්ලි .. ඒක නම් අවුල් බං.. ඌව ශේප් කරගන්න බැරි වෙයිද?"

" නෑ ඒක අවුලක් නැති වෙයි.. ඌ ඩෝන්ට් කෙයා ටයිප් එකේ හිටියට ටිකක් ඕවතින්කින් පොරක්... "

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now