( අතීතය )
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ... අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ
මා තනිවී
සිසිලෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේචන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
(සිසලක් ලෙසින්) ඔබ මා හද පුබුදු කලේවත්සුවගෙයි මගෙයි අන්තිම මාසෙ පඩියෙන් පොඩි උන්ගෙ ඕලෙවල් පටන් ගන්න කලින් දෙන්නම් කිව්ව පාටිය දැන් පටන් අරන් පැය දෙකකටත් වැඩී. ඒත් ඉතිං එකෙක්ටවත් ඇතිවීමක් නම් නෑ කොහෙත්. පොඩි උන් පොඩි උන් කිව්වට මුන් බොන්න ගත්තම නම් තාත්තල වගේ.
" ඒ නිශිය.. තව දවස් තුනෙන් එනව... අනේ ඇයි.. ඇයි මට මහා බයක් දැනෙන්නෙ... " වත්සුව කප් එකත් උස්සන් උගෙ ඇඩියාව පටන් ගත්ත.
" කවුද වුත්තො එන්නෙ... " ඒ අංජන.. මුන්ට අද වෙනදට වඩා හොදට වැදිල ඉන්නෙ.. බියර් වලට අමතරව VAT 9 දෙකයි ලේබල් ෆයිව් එකයි බයිට් සෑදීමේ සාදර සම අනුග්‍රහය ඩියානා ඇන්ඩ් සහන් ...
ගෙදර තිබුන එකම මේසෙ එළියට අරන් ඒක වටේට තියන්න පුටු ඉල්ලගත්තෙ එහා ගෙදරින්. නැතුව ඉතිං කොහෙන්ද දහ දෙනෙක්ට පුටු.. රිතූ නම් පටන් ගත්තටත් පස්සෙ තව කෙල්ලෙක් එක්ක ආවෙ ටෙනිස් ප්‍රැක්ටිස් තිබුන කියල.. ඒ හින්දම මෙදාපාර කෙල්ලො දෙක තුන උනා.
" අනේ මල්ලි අපි ඉවරයි මල්ලි... "
" ඇයි බං ඇයි.. කවුද එන්නෙ දවස් දෙකෙන්... "
" දෙකෙන් නමෙයි තුනෙන් තුනෙන්... "
වත්සුව ඔය කියන්නෙ තව දවස් දෙකකින් අපේ රිසල්ට්ස් එනව කියන එක වෙන්න ඕනි.. ඌ ඔය බොරු මරිසිය දැම්මට විභාගෙ ගොඩදාල ඇති .. ඒත් කොච්චර කිව්වත් රිසල්ට්ස් එක දකිනකල් හිතට බයයි.. පාස් උනත් බලාපොරොත්තු උන රිසල්ට් එක දකින්න අපි කොච්චර නම් බලන් ඉන්නවද..
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚