"ඇත්ද තොට?"
"මේ ටික ඇති දවල්ට කනකන්"
රදීශ් රවිශ්ක..වැඩි විස්තර ඕනෙ නෑ මගේ හොදම යාලුවා..අපි දෙන්න දන්නෙ කලිසමේ චූ කරගන්න කාලෙ ඉදන්..එකම මොන්ටිසෝරියට ගියේ..එකම ස්කෝලෙට ගියේ..දැන් එකම කැම්පස් එකේ එකම ඩිග්‍රී එක කරනවා..එකම කෙල්ලව කසාද බැදලා එක ගෙයි කන්න තමයි අපි දෙන්න ලයිලගෙ බෝඩිමේ බැල්කනියෙ හොරාට බියර් එකක් බොන ගමන් ප්ලෑන් කරල තිබ්බෙ නම්..ඒත් මට මූව මගෙ දකුනු කකුලෙ සුලු ඇගිල්ල තරම්වත් විශ්වාස නෑ...ලගදි ඉදන් හෙළ බොජුන් එකේ ඇන්ටිටත් ලයින් දානවද මන්දා...
"හපොයි ඔන්න එනෝ.."
"කවුද?"
රදීශ් මූණ පු* කියද්දිම මට කවුද එන්නෙ කියල තේරුනත් මම කෝකටත් හැරිලා..බැලුවා..දෙයියනේ ලයිලා..මළ ඇනයක් උනත් රදීශ්ට පස්සේ මගේ ලගම යාලුවා..
"හායී මයි ප්‍රෙන්ඩ්ස්..හායි TM හායී RR..හව් ආර් යූ ගයිස්..අයි ඈම් ෆයින් තැන්ක් යූ...මේ සුදු පාට හැලපය මටද?"
"සුදු පාට හැලප නෙවෙයි යකෝ ඔය ලැවරියා"
"මන් එකක් කෑව උබ ඕක කාපන්..ඇයි අද බෝඩිමේ ඇන්ටි කෑම දුන්නෙ නැද්ද උබට"
"මට අමතක උනා බන් ඊයෙ ඇන්ටිට කියන්න..අද කැම්පස් යනව කියලා..ඇන්ටි උයල නෑ බන් අද උදෙන්..මන් එනකොටත් අයියෝ ඇන්ටි නයිටි ගවුම ඇදගෙන උදේම බල්ලා නාවනවා"
"අයියෝ කඩවලේ"
මමයි රදීශුයි එකටම කිව්වාලයිලා ටැමිල්..උට හොදට සිංහල කතා කරන්න පුලුවන් උනත් උගෙ accent එක වෙනස්..වෙලාවකට මූ කියන ඒවට හිනා වෙන්න එක කටක් මදි..
"උබල ඉවරද බබ්..කොහොබද බබ් අපි"
"ඕක කාලා කතා කරහන්"
ලයිල කන ගමන් කතාකරන්න ගත්තත් රදීශ් නැවැත්තුවා..නිකන් කියන දෙයක් තේරෙන්නෙත් නැති එකේ කන ගමන් කියවන දෙමල අපිට කොහෙ තේරෙන්නද..තේ කන්නම වෙනෝ ඒකට නම්..
"උබලා පාඩම් කරලා ඉවරද බං"
"මොනවද"
ආයෙම මමයි රදීශුයි එකටම ඇහුවා..
"එක්සැම් යකෝ ඊලග මාසෙ"
"ඉතිං මාසයක් තියෙයිනෙ"
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."