සෙනාරා මේ... මතකද මං එදා කොල්ලෙක් ගැන කිව්වා..."
"කවුද? දවසට කීයක් කියලා කියනවද බං උඹ ඉතින්..එකක් කියල නෑනෙ"
"අපේ football ටීම එකේ කැප්ටන්....සිත්ම...සිත්ම කොඩිකාර"
"ඉතින්?"
"අර එන්නෙ එයා..අර edge එක පැත්තේ ඉදන් එන සෙට් එකේ මැද බලහන්...නිල් පාට ඉරි t shirt එක.."
"අඩේ උගෙ උස...අඩි හතක් වත් උසද"
"එයා ලස්සනයි නේ"
මුන් මොනව කියවනවද මන්දා, මුන්ටත් උසට ඉන්න එකෙක් දැක්කොත් නහින්න හදනවා ඉතින්...ඇයි අපි කොටද...5' 6'' කියන්නෙ කොටයිද..මුනට අපේ අගයක් නෑ....සෙනාරගෙයි පැහසිගෙයි කතාව මාත් හිමීට අහගෙන හිටියා..
"මං එයාව දන්නවා ටිකක්...රගර් ප්‍රැක්ටිස් යද්දි හම්බුනේ..ඌ හොදයී වගේ..හැබැයි මම එච්චර ආශ්‍රය කරලා නම් නෑ"
"එහෙනම් එයා මගේ......මං එයාව බදිනවා... ඇති යන්නත් කැම්පස් එකෙන් යන්න කලින් කොල්ලෙක් සෙට් උනා...මේ එයාට කෙල්ලෙක් එහෙම ඉන්නවද?"
මේකි බලහන්කො.. දිහේන් කියල කට ගන්න උනේ නෑ මේකි බැදලත් ඉවරයි...ඇත්තටම මූණ බලාගන්න ඕනේ උනත් මට ඔලුව උස්සන්නවත් හිතෙන්නෙ නෑ තියෙන කම්මැලි කමට...පැය දෙකක් වත් නිදාගත්තේ නෑ දෙයියනේ ඊයෙත්...
"කවුද බං අර සිත්මට පිටිපස්සෙන් එන්නෙ...දැකලා පුරුදුත් වගේ නිකන්...ඌත් ලස්සනයී බං...ඇයි බං අපේ faculty එකේ විතරක් හුඹහෙන් ඇදලා අරන් වගේ එවුන් ඉන්නේ...මුන් මාර ලස්සනයිනේ...අර බලපන් ඌ නිකන් පැරිස් ප්‍රින්ස් කෙනෙක් වගේ"
ඒ ගමන පැහැසි තව කොල්ලෙක් ගැන කියවන්න ගත්තා...
"එතකොට අපිද යකෝ හුඹහෙන් ඇදලා වගේ පේන්නෙ උඹට..."
රදීශ් පැහැසිට ඒකිගෙම බෑග් එකෙන් දමලා ගැහුවා...
"කටවල් වහගනිල්ල මට ටිකක් නිදාගන්න..උබලා මේ අහිංසකයට පාරෙවත් නිදගන්න දෙන්නෙ නැද්ද?"
"අපිද ඉතින් කිව්වෙ තිට ඔතන ඈදි ගන්න කියලා"
මම ඇත්තටම නිදිමතේ හිටපු නිසා පැහැසි කියපු ප්‍රංශ කුමාරයා බලන්නවත් හිතුනෙ නෑ...
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."