Chapter 36

227 21 18
                                    



"තේව් "

"එක්කො එපා...... මේ තියෙන දේවල් තියෙන විදිය හොදයි...... මට... ඕනෙවටත් වැඩිය හොදයි...... මේ කතාව නවත්තමු අපි..........."

කර්ට්න් එක ආයෙමත් වහගෙනම මම  හැරුනෙ ඇද පැත්තට යන්න......

විවාන් තාමත් හිටපු විදියටම ඉන්නවා.... මම කරපු වැඩේ වැරදිද?.... ඒත් මට තව මුකුත්ම මීට වඩා දැනගන්න ඕනෙ උනේ නෑ.... මට ඇත්තටම හැමදේම මේ තියෙන විදිය ඕනෙවටත් වැඩිය හොදයි....







"තේව් ඔයා මගේ ඉවසීම නම් හොදට චෙක් කරනවා"




"ඇයි?.... ඉතින් මම..."


"ඉන්න තේව්...... ඔයා කියන හැමදේම ඇත්ත..... ජිවිතේ කොහොමත් ඉස්සරහට යන්න යන්න හැමදේම සංකීර්ණ වෙනවා විතරයි... සරල වෙනවා කියලා දෙයක් වෙන්නෙ නෑ........"

විවාන් හිමින් ඇවිදගෙන මම හිටපු තැනටම ආවා....

"ඔයා මාව දැනගෙන ටික කාලයයි උනාට මම ඔයාව දන්නෙ ගොඩක් කාලෙක ඉදන් තේව්....... ඔයා කරපු දේවල් ඒ වගේම ඔයා වටේ වෙන දේවල් මම බලාගෙන හිටියා තේව්, ගොඩක් කාලෙක ඉදන්........."

මගේ එක උරහිසකින් අල්ලලා මාව ඇදෙන් වාඩි කරවපු විවාන් කරේ ආයෙම ජනේලේ පැත්තට හිමින් ඇවිදගෙන ගිහිපු එක...

"පොඩි ලමයි වගේ හැසිරෙන්න මට තව ඕනෙ නෑ තේව්...... මේ දේවල් මටත් සංකීර්ණයි...... සමහර වෙලාවට හැමදේම අපි හිතන විදියට වෙන්නෙ නැතිවෙයි.. හැමදේම නෙවෙයි සමහර කාලෙකට කිසිම දෙයක් එහෙම නොවෙන්නත් පුලුවන්........ ඔයාගෙ පවුලෙ අයට ඔයා වෙනුවෙන් ඉන්න බැරි වෙන්න පුලුවන්... ඔයාගෙ යාලුවන්ට ඔයා වෙනුවෙන් කරන්න බැරි දේවල් තියෙන්න පුලුවන්...... රදීශ්ට පවා, රදීශ්ට පවා ඔයා වෙනුවෙන්ම ඉන්න බැරි තැන් ඉස්සරහට එන්න පුලුවන් තේව්......."

විවාන් ආයෙම මගේ පැත්තට හැරුනෙ හරිම සංකීර්ණ බැල්මකුත් එක්ක..... විවාන් කියන සමහර දේවල් ඇයි මේ වෙලාවෙ කියන්නෙ කියලා මට ලොකුවට තේරුනේ නැති උනත් විවාන් මේ දේවල් මට කියන්නෙ හේතුවක් ඇතුව කියලා නම් මට තේරුනා...... මොකද, විවාන්ගෙ බැල්ම කටහඩ ඒ තරමටම ගැඹුරුයි, ඒ තරමටම සංකීර්ණයි....

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now