"මං ගෙදර අවා අම්මේ..අම්මගෙ චූටි පුතා ආවා..."
"ආ චූටිපුතා ආවද? මහන්සිද? වැඩ ටික කරගත්තද? බස් එකේද ආවේ...රදීශ් ආවද අද කැම්පස් චූටි.."
"හෝව් හෝව් හෝව්...අම්මේ..හිමින් හිමින්...ඇයි රදීශ් ආවද ඇහුවේ?"
"රදීශ්ගෙ සීයාට අමාරුවෙලා හොස්පිට්ල් එක්කරගෙන ගිහින් අද...තාත්තා කිව්වේ දැන් ටිකකට කලින්.."
"ඒ මක් වෙලාද? කෝ තාත්තා"
"එයාට අද පාටි එකක්..රදීශ්ගෙ සීයා බලන්න යන්න ඕනෙත් කිව්වා රෑ වෙලා හරි..පුතා කෝකටත් රදීශ්ට කෝල් එකක් දීල බලන්න"
"මේ ගන්නවා"
"හෙලෝ..."
"හෙලෝ... ඕයි..සීයට කොහොමද? උබ මට එනකන් කිව්වේ නෑනෙ එහෙම දෙයක්"
"අයියා msg එකක් දාලා තිබ්බ සීයට අග්ගාවක් හිර උනා දැන් හොස්පිට්ල් කියල..මං හිතුවෙ ආතල් එකට කියල බං..උබ දන්නවනේ අපේ අයියගෙ හැටි"
"ඇත්තටම අග්ගාවක් හිරවෙලාද රදීශ් පුතා"
"අහ් ඔව් ආන්ටි..අම්මා අග්ගලා වගයක් හදලා..සීයා එකක් කද්දි හිරවෙලා..එක සැරේට කැස්සක් ඇවිල්ල..ඊට පස්සෙ හුස්ම ගන්න අමාරු වෙලා..එකයි හොස්පිට්ල් එක්කගෙන ගිහින් තියෙන්නෙ"
"බලහන් ඉතින් අග්ගලාවකට කරන්න් පුලුවන් දේවල් නේ..උබ කොහෙද දැන්..ගෙදර නේ....මං එන්නද..උබට රෑට කන්නත් නෑනෙ මං අරන් එන්නම්..නේද අම්මේ...මං යන්නම් නේ.."
"නෑ...නෑ උඹ එන්න ඕනේ නෑ බං...දැන් හොදයී..........කියල කිව්වට අද ටිකට් කපන එකක් නෑ නේද...උබ වරෙන් නේ කමක් නෑ..මම තනියම නේ නේද"
"ඒකනේ නේ..මං එන්නම් නේ.."
අපේ අම්ම මගේ දිහා අමුතු විදියට බැලුවා..හරියට "මට නම් තෝ හදන්න බෑ" වැගේ බැල්මක්...
"හරී බං මන් තියන්නම් ඉක්මනට එන්නම් මම..උබලයි lane එක ගාවට ඇවිත් කෝල් එකක් දෙන්නම් වරෙන් එතෙන්ට..නැත්නම් අර චන්ද්‍රපාල අදත් මගෙ පුප ඉඹින්න හදයි"
චන්ද්‍රපාල කියන්නෙ රදීශ් ගෙවල් ලග කුලියට හිටපු පවුලක් හදපු බලු තඩියෙක්.ඒ මිනිස්සු වෙන තැනකට ගියාට බල්ලව අරන් ගිහින් නෑ...ඌ එතෙන්ට වෙලා යන යන එකාගෙ පු* හපනවා..ඉතින් මගේ අහිංසක පුපත් චන්ද්‍රපාලගෙ ග්‍රහනයට අසුවුනා දවසක්..යන්තං දත් පාර විතරක් හිටලා බේරුනා...නැත්නම් විදපංකො බෙහෙත් වටේටම..පුකේ...
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Lãng mạn"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."