"who's next lamayii?"
lavan... lavan...yan shiwakuwar, student Number 34176 "viva එකේ ලයිලගෙ වාරෙ ආවත් මිස් කතා කරනකන් ඌ දන්නෙවත් නෑ.....අපිත් පොර කොහෙද කියලා හොයද්දි තමයි දැක්කෙ, මේ යකා කොනක් අල්ලගෙන නිදි....
"ලයිලා තොට දැන්... පල....ඔයී ලයිලා පල යකෝ..."
දිහේන් ලයිලව ඇහරෙව්වා...."ahmm...watch your language boys..."
"අඩෝ එකත් ඇහිලද?"
"කන් ඇහෙනවා බන් වයස උනාට මේකිට.."
"පවු බන් මොනවා උනත්...තව වැඩි කල් ඉන්නෙත් නෑනේ....."
"නොදකින් තොගෙ කට....."
"හී......."
මගෙ පිටිපස්සෙ පෝලිමේ වාඩි වෙලා හිටපු රදීශුයි දිහේනුයි හිමින් හිමින් ශ්‍රියානි මැඩම්ට අනං මනං කියනවා මාත් හොරාට අහන් හිටියා....මොනවා උනත් වලපයයි ගොඩපයයි තියා ගෙන හරි මේ මනුස්සයා අපිට උගන්නන්න එනවනෙ......
නිදිමතේ නැගිටලා ගිහිපු ලයිලා තෝන්තුවෙන් වගේ උගෙ ලැප් එක ටීචර්ස් ටේබල් එක තිබ්බ PC එකට connect කරා.....ඊට පස්සෙ ප්‍රොජෙක්ටර් එකේ රිමෝට් එක කියලා හිතලා AC එකේ රොමෝට් එක අරන් AC එකත් ඕෆ් කරලා තව අටමගලයක් කරා......
කොහොමින් කොහොම හරි ඔක්කොම සෙට් කරගෙන් මූ presentation එකත් පටන් ගත්තා....
"Vanakkam, anavarukkum Indru ungaludan irukkum vaayppu........."
මෙන්න යකෝ මූ දෙමලෙන් කියාගෙන ගියා....
"හුත්තෝ............"
රදීශුයි දිහේනුයි මැඩම්ට ඇහෙන්නෙ නැතිගානට කෑ ගැහුවා......
"තේව් අන්න අරූට ඇහැරවපන්....."
මගේ එහාපැත්තේ බිත්තිය අයිනෙ පුටුවේ හිටපු ඒශාන් මාට ඇනලා කිව්වා......
දිහේන් presentation එක කරද්දි උගෙ presentation slide එකක දාලා තිබුන ෆොටෝස් අස්සෙ වැරදිලා උගෙ සෙල්ෆියකුත් වැටිලා තිබ්බා.. ඒකට හිනා උන නිසා මැඩම් මාවයි ඒශාන්වයි ඉස්සරහ පෝලිමකට ගත්තා...ඇත්තටම හිනා උනේ අපි දෙන්න විතරක් නෙවෙයි උනාට මැඩම් දැක්කෙ අපි දෙන්නා විතරයි....
නෑ නෑ.... ස්කෝලවල විතරක් නෙවෙයි කැම්පස් වලත් එහෙම තමයි, කෑගහන ලමයි ඉස්සරහට ගන්නවා.....හී......
ඒක නිසා මමයි අපේ ලොකු අයියයි හිටියෙ අනිත් අයට වඩා ඉස්සරහ පෝලිමක..
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Lãng mạn"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."