"අහගනිල්ලා මේ ටික හොදට...සැරින් සැරේ කියන්න බෑ... මේ දැන් ට්‍රැක් එකේ වැඩත් සීයට අනූවක්ම ඉවරයිනෙ...ඉතුරු ටික ඩාන්ස් ප්‍රැක්ටිස් කරන ගමන් තමයි වෙනස් කරගන්න වෙන්නෙ.....උබලට තාලෙට වනාගන්න බැරි උනාම පොඩි පොඩි කෑලි වෙනස් කරන්න වෙයි කොහොමත්...."
ඒශාන් ඉස්සරහම තිබ්බ ඩෙස්ක් එක උඩින් පස්සෙ පැත්තක් තියාගන්න ගමන් කියෙව්වා....
ඒශාන් බැන්නට පස්සෙ අපි දෙන්නා ලෙක්චර් හෝල් එකේ ඩෙස් පේලි දෙක මැද බිම වාඩි උනා...
පිටි පස්සෙ ඩෙස් පේලි පහ හයක්ම ඩාන්සින් ප්‍රැක්ටිස් වලට ඉඩ ඕනෙ නිසා දැනටමත් පැත්තකින් ගොඩගහලා තිබ්බේ...
ඉතුරු වෙලා තිබ්බ ඒවගෙත් ලමයි වාඩි වෙලා හිටපු නිසා අපිට කොහොමත් බිම තමයි ඉතුරු වෙලා තිබ්බෙ...."පැහසි, මිනෝලි, තේව් උබලා තුන් දෙනා තමයි දෙයියෝ බැජ් එකේ නම බේර ගන්න ඕනෙ දැන්..."
"ඇයි බැජ් එකේ නමට මක් වෙ..."
මට වාක්‍ය සම්පූර්ණ කරන්න උනෙත් නෑ, ඒශාන් ගුවන් ගතකරපු ඊලග පෑන් ක්ලිප් එකත් මගෙ ඔලුවට ආවා...මූ රග්බිද එහෙමත් නැත්නම් බේස් බෝල්ද කරේ...
"කට වහගෙන අහගෙන හිටපන් පොඩි එකෝ....."
හරි හරි මම නැතුව කරගෙන යන්නකො ඔයාලා.....අවුරුද්දක් දෙකක් බාල උන නිසානෙ මේ ඔක්කොම අපහාස......
AL ඉවර උන ගමන් පටන් ගත්තූ බැජ් එකට් සෙට් වෙන්න උන නිසා අපේ බැජ් එකේ මගෙයි රදීශෙයි වයසෙ වෙන කවුරුවත් නෑ......
අනිත් අය අඩුම තරමෙ අපි දෙන්නට වඩා අවුරුද්දක් හරි වැඩිමල්......SE බැජ් එකේ ඉන්නෙත් 32යි....තිහක්ම අපිට වඩා වැඩිමල්......."පෙරහැරේ ඇත්තු වගේ නටන්න බෑනෙ බං අපිට නේ.....කැතයිනෙ...ඒ මදිවට හින්දි බං හම්බුනේ හින්දි....උන් නටන හැටි උබලට මං මතක් කරන්න ඕනෙ නෑනෙ...so guys ටිකක් මහන්සි වෙලා සුපිරියට වැඩේ දෙමු ඈ...අපි කැම්පස් එකේ එකට කරන අන්තිම වැඩේනෙ ලමයී ඒක නිසා වුවමනාවෙන් කරමූ හොදේ..."
"කියන්නම ඕනෙ එක අමතක වුනානෙ.......අපි කරන්නෙ bollywood style iteams ටිකක් නිසා costume ගැන මීට වඩා ගොඩක් හිතන්න වෙනවා guys.......මම දන්න ඩිසයිනර් කෙනෙක් ඉන්නවා, මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්..අපේ කැම්පස් එකේමයි..පොර වැඩේ කරලා දෙන්නම් කිව්වා..ආයෙම measurements ගන්න වුවමනාවක් නෑ..කලින් අපි සිලෙක්ට් කරපු ඩිසයින්ස් ටිකම ටිකක් වැඩි දියුණු කරලා දෙන්නම් කිව්වා...ඒක ගැන බය වෙන්න දෙයක් නෑ පොර කොලිටියට වැඩේ කරල දෙයි....."
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Любовные романы"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."