"Thew right?"
ආර්යන් ආයෙම සැරයක් ඇහුවෙ අඩුමතරමේ තේව් වචනයක්වත් කතා කරන්නත් කලින්... ආර්යන් අහපු ස්වරයෙනුත් එයාගෙ මූණෙ තිබුනු හිනාවෙනුත් පෙනුනේ නම් ආර්යන් හරියට තේව් දන්නෙ ගොඩක් කාලෙක ඉදන් වගේ....
"So, Thew... how's everything with Vivan "
ආර්යන් කියන්න ගිය එක ඉවර කරන්නත් කලින් එතෙන්ට ආපු හිරුන් ලස්සනට අයිසින් දාලා තිබුන පොඩි muffin එකක් ආර්යන්ගෙ කටට එබුවා....
මෙයාලා ආර්යන්ගෙත් යාලුවොද?.... දෙයියනේ දෙයියනේ ඇයි මට ලගදි ඉදන් හම්බෙන හැමකෙනාම මෙච්චර ලස්සන.....
කටත් පුරෝගෙන හිරුන් ඔබපු muffin එක ගිලින ආර්යන් දිහා බලාගෙන තේව් කල්පනා කරේ ඇස් දෙකත් ලොකු කරන්...."Yo, bugger! There you are!".......
තව හුරුපුරුදු මූණක් කට්ටිය හිටපු තැනට ආවා..... සිත්ම ඇවිත් ආර්යන්ගෙ පිටටත් තට්ටුවක් දැම්මේ අමාරුවෙන් muffin එක ගිලින හැටි දැකලද කොහෙද..
"Don't go ruining anything, alright? The others are waiting for you, go..."
තවත් හිමීට පාරක් ආර්යන්ගෙ පිටට ගහලා සිත්ම ආර්යන්ව විවාන් තාමත් හිටගෙන හිටපු හෝල් එකේ ඉස්සරහට යවන්න හැදුවා...
"Let's chat later, Thew,"
muffin එකත් අමාරුවෙන් ගිලලා ආර්යන් එතනින් ගියේ කට ඇරන් සියලු නාටකය බලන් හිටපු පැහැසිට ඇහැකුත් ගහගෙනම.....
"හරි හරි ගොඩක් දේවල් වෙනවා කියලා පේනවා... ඔක්කොටම කලින් මට කියන්න......... හිරුන්..........."
"yes madam.... ඕනේ දෙයක් අහන්න...."
හිරුන් හරි යටහත් පහත් විදියට පැහැසිගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති උනා.....
"ආර්යන් ඔය දෙන්නගෙත් යාලුවෙක්ද?"
"yes madam.... අපි අර එක අවුරුද්දක් ඩිග්‍රී එක හෝල්ඩ් කරලා තිබ්බනේ...ඒ අවුරුද්දෙම තමයි ආර්යන් සෙට් උනේ... විවාන්ගෙ වැඩකට අපි දෙන්නත් ඉන්දියා ගියා එක සැරයක්... ඒ ටිකේ පොර අපිත් එක්කමයි හිටියේ....."
පැහැසිගෙ ඉවරයක් නැති ප්‍රශ්න වලට හිරුන් හරි ආසාවෙන් උත්තර දුන්නා......
"වාව්.... ඔයාලටත් මරු මරු යාලුවෝනේ සෙට් වෙන්නෙ... බැරි වෙයිද මේ එක්කෙනෙක් එක්ක පොඩි මාරුවක් එහෙම දාගන්න... අපිටත් ඉන්නවා කතා කරන්න පුලුවන් බූරුවෙක්........"
YOU ARE READING
රහසින් වගේ (Rahasin Wage)
Romance"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."